IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවට 3-0 ක එක්දින තරගාවලි ජයක්

(යොහාන් භාසුර)

සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල අද (14) රාත්‍රී සමත් විය.

මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 267 ක ඉලකක්ය ඕවර 35.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

පැතුම් නිස්සංක තවත් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 101 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 118 ක් රැස්කිරීමට සමත් විය.

අවිෂ්ක ප්‍රනාන්දු ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 66 කදී ලකුණු 91 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 138 කින් ලකුණු 173 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.

ඇෆ්ගනිස්තාන් පිල ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 266 (රමනුල්ලා ගුර්බාෂ් 48, රහමට් ෂා 65, අස්මතුල්ලා ඔමල්ෂායි 54, ඉක්‍රම් අලිකිල් 32, දුනිත් වෙල්ලාලග් 38/2, අකිල ධනංජය 54/2, ප්‍රමෝද් මධුෂාන් 45/3, අසිත ප්‍රනාන්දු 44/2) ශ්‍රී ලංකා පිල ඕවර 35.2 කදී කඩුලු 3 ට 267 (පැතුම් නිස්සංක 118, අවිෂ්ක ප්‍රනාන්දු 91, කුසල් මෙන්ඩිස් 40, කුයිස් අහමඩ් 46/2)

 



අදහස් (2)

ශ්‍රී ලංකාවට 3-0 ක එක්දින තරගාවලි ජයක්

Lalla Thursday, 15 February 2024 01:18 AM

තරඟ ප්‍රතිඵලය කුමක් වුවද නොහොබිනා පාලක මණ්ඩල ලොක්කන් ඉවත්ව යන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්න බෑ.ඔය දුර්වල කණ්‌ඩායම එක්ක තර්ක දිනුවේ හරී ශික්ෂණ නැති නොහොබිනා ක්‍රියා කරන ක්‍රීඩකයන් ඉවත්ව යනතෙක් කණ්‌ඩායම හරියන්නේ නෑ...

:       1       0

Lalla Thursday, 15 February 2024 08:27 AM

පලක් නැත. අශිෂ්ට වනචාරී කණ්ඩායම් සාමාජිකත්වය සහ පාලක මණ්ඩල ලොක්කෝ ඉන්නතාක් පෞද්ගලික සමාගමක තත්ත්වය තියනවා කියපු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩාව ජනතාවගේ හෝ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොවේ.....අපේ කෙල්ලෝ ඊට වැඩිය දහස් වරක් හොඳයි....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site