IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දීර්ඝ කරයි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන  පැමිණෙන සියලුම මගී ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණිමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ .
 
මෙම ගුවන් ගමන් තහනම මේ මස එනම් මාර්තු මස 31 දා අවසන් වීමට නියමිතව තිබුණි .
 
ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබේ .

එහෙත් වෙනත් රටවල් කරා   පිටත්ව   යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් , හදිසි අවශ්‍යතා මත (Emergency Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , කාර්මික දෝශ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී .



අදහස් (7)

ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දීර්ඝ කරයි

de silva Sunday, 29 March 2020 04:39 AM

මේවා දිගු කරන්නේ අර ඉතාලියේ සිට පැමිණි සිංහල කිහප දෙනාගේ , අටළු ගම , අකුරණ , පුත්තලමේ මුස්ලිම් ජාතිකයන්ගේත් , යාපනේ දෙමල පුජකයා වැනි අතලොස්සකගේ නොහොබිනා වැඩ නිසාය. මේ සියලුදෙනාටම විරුධව වහාම නිතිය ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් දෙන්න. මේක විශේෂ නඩු කටයුත්තක් ලෙස අරම්බහ කර සති 2-3 ඇතුලත් තීන්දුවක් දෙන්න. එතකොට ඉදිරියට අනෙක් පුද්ගලයන් මෙවැනි වැරදි කරන එකක් නැහැ.

:       0       27

පිටිගල මිලානෝ Sunday, 29 March 2020 09:43 AM

කෙසේ වෙතත් ගුවන් ගමන් තහනම දිගටම තව කලක් පවත්වන්න. දැක්කනේ ඉතාලියෙන් පැමිණි අය දුන්න ආදර්ශය.

:       0       11

රොෂාන්Monday, 30 March 2020 04:52 AM

පිටිගල මිලානෝ කියන ඉතාලියෙන්ම පිනට කාලනෙ ඉන්නේ... නිවුස් වලට තව කී දෙනෙක් නිරෝධායනය නොවී, එයාර්පොර්ට් එකෙන් පැනගෙන තිබෙන බව.... එත්, බහුතරය ඔයා වගේ අය නෙමේ, ඒකයි ගැටලුව.. නුඹලා වගේ අය ඉතාලියට පය තිබ්බාට පසුව ඉතාලියටත් කෙලවුනා. එක අද ඊයේ එකපාරම සිදුවූවක් නොවෙයි.

:       0       0

Nishan Sunday, 29 March 2020 10:01 AM

අශ්වයා ගියාට පස්සේ තමයි ඉස්තාලය වැහුවේ...

:       41       80

225Sunday, 29 March 2020 09:32 PM

අස්සයා ගියාට නාම යෝජනා ටික ගොඩනේ...

:       0       0

de silva Sunday, 29 March 2020 10:09 AM

කරුණාකර 7 පස්සේ කවුරුහරි ලංකාවට අවොත් අනිවාර්යයෙන්ම රජයේ නිරෝධන මධ්‍යස්ථානයකට යවල නිරෝධනය කරන්න. ගෙදර නම් යවන්න එපා. දැක්කනේ අටළුගම, අකුරණ සිදු වුන දේ ? දැන් ඉඳන්ම අවශ්‍ය මධ්‍යස්ථාන ඉදිකරන්න ක්‍රියාකරන්න. එතකොට පිටරටවල හිර වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඒවා හරහා නිරෝධනය කර සමාජ ගතකරගන්න පුළුවන් . මධ්‍යස්ථානවල ඉඩ නැතිනම් කවුරුවත් රට තුලට ගන්න එපා ,

:       0       34

Laksitha France Monday, 30 March 2020 10:04 AM

මම නම් කැමැතියි තාව මාසයක් වහනවා නම් ... බුදු සරණයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 657 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site