IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමේ ගිවිසුමක

ශ්‍රී ලංකන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන Uga Escapes Walkers සහ Taru Villas සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.

මෙම නව සංචාරක උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හරහා දේශීය හා අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකන් හොලිඩේස් බලාපොරොත්තු වෙයි. තව ද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයන් තිදෙනකු සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සිය ගනුදෙනුකරුවන්ට හෝටල් සඳහා ආකර්ශනීය මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ද උදා වනු ඇති බව ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය අපේක්ෂා කරයි.

 



අදහස් (2)

ශ්‍රී ලංකන් සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමේ ගිවිසුමක

බද්රානි Friday, 23 April 2021 08:14 AM

කුප්‍රකට සිරි ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධව සිදුකරන තක්කඩි හෝටල් මාෆියා ජාලාව බංකොලොත් වේවා යන්න ජනතාවගේ ප්‍රාර්ථනයයි!! ඔබලා අසරණ ජනතාවගේ රීරි මාංශ උරා බොමින් දැනටමත් සිදුකරන නීච නින්දිත හොර, තක්කඩි, වංචාව ගැන අපට නම් ඇත්තේ පිළිකුලක්. ඒ වංචා කරන මුදල්වලින් කිසිදිනෙක වගතුවක් නම් වෙන්නේ නැහැ කවදාවත්... ඔය ගසාකන සාහසික ක්‍රියාව ඔබ සමාගම පිටත්, ඒ අයුතු ලෙස හම්බකරනා මුදල් වලින් වැජඹෙන සියලු දෙනාටත් ශාපයක්ම වේවා, යන්න අපගේ පැතුමයි...!!!

:       0       8

Dharmasiri - UAESunday, 25 April 2021 08:59 AM

මම ලියන්න හිටි ටික ඔබලා ලියලා ..... සහතික ඇත්ත පිලිපිනය වගේ දුප්පත් රටක් කොරෝනා නිසා රැකියා අහිමි වු පිටරට වැඩකරන තම වැසියනට මාසයකට රුපියල් 35000 ක් පමණ ගෙවනවා ඒකට අපේ රට රැකියා අහිමි වු මිනිස්සුන්ගෙන් හෝටල් මාෆියාව වලට ගසා කනවා කනකර විතරක් නෙමෙයි කාන්තාවන් ශරිරයත් විකුණනවා හෝටල් වලට ගෙවන්න සල්ලි හොයන්න ගෙදර ඒන්න දැන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site