IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’’ශ්‍රී ලංකන් විකුණන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම කිසි ලෙසකින් විකුණනන්නේ නැති අතර ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 

නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.  

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (3) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන් තොටුපොල කළමනාකාරීත්වයද  ඉදිරි සති කිහිපය ඇතුලත රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබා දීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා  ඩොලර් මිලියන 69ක ඉන්දියානු ආධාර මත කන්කසන්තුරය වරාය සංවර්ධන කටයුතු සිදු කෙරෙන බව සඳහන් කළේය. ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ෆෙරී සේවය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා  ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා කීය .



අදහස් (14)

’’ශ්‍රී ලංකන් විකුණන්නේ නෑ’’

sunitha Wednesday, 03 July 2024 05:39 PM

1990 මුල ගණන්වල මේ මහත්මය අපට පෙනුනේ දේව දූතක් වගේ. රට ජාතිය ගැනමයි කතා කලේ. අපි කොච්චර මෝඩද කියල දැනුයි තේරෙන්නේ.

:       10       0

Asela Wednesday, 03 July 2024 05:52 PM

විකුණන්නේ නෑ නෙමේ හලෝ. ගන්න කවුරුත් නෑ. ඔහෙලා ගේ කෙරුවාවල් දන්න නිසා මොකාද ඔය ලඩි ගන්නේ.

:       13       0

Prabha Wednesday, 03 July 2024 06:39 PM

එක සැරේ විකුණුවොත් එක කොමිස් එකයි.තියන් හිටියොත් ම්............

:       10       0

de silva Wednesday, 03 July 2024 06:41 PM

ඔව් ,ඕක විකුණලා දැම්මහම අව්රුර්තිය සමිතිය සහ නිලධාරීන් සමග එකඟවෙලා දේශපාලුවන්ට කොමිස් ගහන්න නොමිලේ රට සවාරි ගහන්න බැහැනේ ? ඕක තියාගමු ඕකේ පාඩුව ගෙවන්නේ රටේ බදු ගෙවන ජනතාවනේ , අර ඩොලර් මිලියනයක කොමිස් ගහල අහුවුණා කපිල චන්ද්‍රසේන කියන මනුස්සයාගේ නඩුවට මොකද වුනේ ?

:       7       0

යෝගා Wednesday, 03 July 2024 07:21 PM

ඉදිරිපත් වී ඇති වඩාත්ම සුදුසුකම් ඇති දේශීය ආයෝජකයා රනිල්ගේ ප්‍රතිවාදියකු බැවින් විකිණනු නොලැබේ.

:       9       0

Achini Wednesday, 03 July 2024 07:46 PM

ඔබ විකිණීමට යන්නේ නැත්නම්? ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණය ගෙවන්න යන්නේ කවුද? පොදු ජනතාවද? නැත්තම් ඡන්දෙ ගන්න ඡන්දෙ ගිල්මාට්ද?

:       0       8

Ruwan De Silva Wednesday, 03 July 2024 08:45 PM

ශ්‍රී ලංකන් විකුණන්නේ නෑ. මොකද ඒ සුදු අලියාගෙන් ඩොලර් මිලියන ගාණක් හොරා කන්න පුළුවන්නේ. ඒක නැතිවෙන එක හරි පාඩුවක්නේ...

:       8       0

likil Wednesday, 03 July 2024 09:11 PM

ගන්න කවුරුවත් කැමැති නැති නිසා නේද?

:       8       0

Perera Thursday, 04 July 2024 12:05 AM

වැඩකට නැති කුණු ගොඩක් කවුද ගන්නේ

:       6       0

rana Thursday, 04 July 2024 02:43 AM

ඕය මගුල ගන්න කෙනෙක් නැතිනම් වහල දාන්න මොකද ප්ලේන් එකක වැඩි නිවුණු යට පවා ඔය ගුවන් සේවයේ පාඩුව විඳවන්න වෙලා . මරාගේ උද්දච්චකම් නිසා ජාතියටම කෙලවපු එක තැනක් තමයි මේ. 8 වත් සමත් නැති මිංහගේ මස්සිනා අනිත් පැත්තෙන් මේකට කෙලිය. නාමලය නෙවෙයි උන්ගේ ගෑවුණු එකෙකුට ඡන්දෙ දෙන්න සුදුසු නැහැ .

:       0       10

Lalla Thursday, 04 July 2024 08:12 AM

එයාර් ඒෂියා සහ හේලීස් ඉදිරිපත් වුනා නොවේද? ඒ දෙකම ශ්‍රී ලන්කන් තරම් හොඳ නැතිද? නැත්නම් වෙන කාරණයක් වගේද?...

:       0       5

රංබොඩ Thursday, 04 July 2024 09:08 AM

ඔය අට මගලය විකුණන්නේ නැත්තම් වහල දාන්න!

:       1       11

de silva berlin Thursday, 04 July 2024 12:46 PM

ක විකුනන්නේ නැතිනම් අර කාලයක් එමිරේට් සමාගමට බදු දුන්නා වගේ දෙයක් කරන්න , එමිරේට්ස් පරිපාලනය කරන කාලේ මේක ලාභ ලැබුවා , මේක ආණ්ඩුව පාලනය කරන්න ගියොත් නිලධාරීන් , දේශපාලකයන් සහ වෘර්තිය සමිති නායකයෝ එකතුවෙලා අනිවාර්යයෙන් හොරකම් කරන නිසා පාඩු ලබනවා අන්තිමට තව අවරුදු 4-5 කින් කියාවි මේක ඩොලර් මිලියන 300-400 පාඩු ලබනවා ඒක පියවන්න වෙන්නේ අපේ බදු සල්ලි වලින්

:       1       1

sam Thursday, 04 July 2024 01:57 PM

විකුණන්නේ නෑ නෙමෙයි... කවුරුත් ගන්නේ නැ. විකුණන්ඩ පුළුවන් නම් මෙයා ලොකු කුට්ටියක් තියාගෙන මෙලෙහකටත් විකුණලා. ලංකාවම විකුණන්ඩ පුළුවන්නම් එකත් මේගොල්ලෝ කරනවා

:       9       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site