
(කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙකු වන ව්‍යාපාරික සම්පත් ගමගේ මහතා මුගුරකින් පහර දී ඝාතනය කල සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (19) කලවාන වැද්දාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා සැකකරු ගේ දරුවෙකු නිවස වෙත රැගෙන ගොස් බලහත්කාරයෙන් මත්පැන් පොවා අස්වාභාවික ලිංගික කටයුත්තක් සිදු කර ඇති බවට ලද තොරතුරක් මත ඒ පිළිබදව ඇති වූ කේන්තිය නිසාවෙන් ඔහුගේ නිවසට ගොස් පහර දී ඝාතනය කල බව සැකකරු පාපොච්චාරණ කල බවද පොලිසිය පවසයි.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් නොතිබූ අවස්ථාවක අතුරුගිරිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ව්‍යාපාරිකයෙකි
ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සම්පත් ගමගේ මහතා පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම ඝාතනය සිදුකර තිබුණි
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රිලනිප හිනිදුම හිටපු සංවිධායක ඝාතනයට අයෙක් අල්ලයි