(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නැවත පක්ෂ සමග සම්බන්ධවීම හේතුවෙන් පක්ෂයේ තනතුරු සංඛ්‍යාව ද වැඩි කර ඇත.
පක්ෂයේ මීට පෙර සිටි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හතර දෙනාගේ සංඛ්‍යාව මේ වන විට අට දක්වා වැඩි කර ඇත.
ඒ අනුව, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ලෙස්ලි දේවින්ද්‍ර, ෆයිසර් මුස්තාපා , අංගජන් රාමනාදන් සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස පත් කර ඇත.
නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස මුලදී කටයුතු කළ අතර ඔවුහු ආණ්ඩුවට එක් වීම හේතුවෙන් එම තනතුරුවලින් ඉවත් කරනු ලැබ සිටියහ.
මේ අතර, පක්ෂයේ උප සභාපතිවරුන් සංඛ්‍යාව 10 සිට 12 දක්වා ද උප ලේකම්වරුන් සංඛ්‍යාව 8 සිට 10 දක්වා ද වැඩි කර ඇත.
ආණ්ඩුවට එක්ව ඇමතිකම් දරන ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් වැඩිදෙනකු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත්, සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභා රැස්වීමටත් සහභාගි වී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ශ්‍රිලනීපයේ තනතුරු වැඩි කරලා
ජයලත් Sunday, 23 July 2023 06:46 AM
මෛත්‍රීපාල ඉන්නකන් පක්ෂය ඉවරයි..
Kazi Shajahan Sunday, 23 July 2023 11:07 AM
පොඩි මිනිස්සුන්ට එක විදිහක්, ලොකු මිනිස්සුන්ට තව විදිහක්... කොන්ද පණ නැති පක්ෂයක් වෙලා දැන් SLPF...