IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වී සහල් යන මුදල වැඩි කරයි

(දයාසීලි ලියනගේ)

විදුලි ගාස්තු සංශෝධනයත් සමග වී තොග සහල් කිරීමේදී දැරීමට සිදු වන නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සලකා බලා වී තොග සහල් කිරීමේදී වැය කරන මුදල වැඩි කිරීමට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා තීරණය කර ඇත. 

ඒ අනුව අඹන ලද සුදු  නාඩු සහ රතු නාඩු කිලෝවක් සහල් කිරීම සඳහා වැය කරන මුදල රුපියල් 9.50 සිට 10.70 දක්වා වැඩි කිරීමට ද සුදු කැකුළු සහ රතු කැකුළු වී කිලෝවක් සහල් කිරීම සඳහා වැය වන මුදල රුපියල් 7 සිට 8.75 වැඩි කිරීමටද තීරණය කර ඇතැයි භාණ්ඩාගාර ලේකම්වරයා සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇත.

වී වල තෙතමනය 14% ට වඩා වැඩි සහ තෙතමනය 22% හෝ ඊට වඩා අඩු වී කිලෝග්‍රෑම් එකක් නිසි ප්‍රමිතියට වියළීම සඳහා වැය වන වියදම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා ගෙවනු ලබන රුපියල් 4.50ක  මුදල රුපියල් 4.75 දක්වා වැඩි කිරීමට ද තීරණය කර ඇත.



අදහස් (3)

වී සහල් යන මුදල වැඩි කරයි

ලීලසේන Tuesday, 07 March 2023 11:05 AM

එතකොට පාරිභෝගිකයාගේ පිරිවැය පියවන්න පඩි වැඩි වෙනවද ?

:       1       6

CC Tuesday, 07 March 2023 03:22 PM

රත්නපුර දිස්ත්‍රික්කයේ ,කිරිඇල්ල ප්‍රාලේට අයත් අපේ ගමේ වීමෝලේ හාල් කිලෝ එකක් කොටන්න පමණක් රු.10 ක් අයකරයි. නමුත් විදුලි ගාස්තු නව සංශෝධනයත් එක්ක කොපමණ වෙයිද කියන්න බැහැ. ඒ සඳහා පාර්භොගිකයන් ආරක්ෂා කිරීමට ගාස්තු නියමයක් ගේන්න දිස්ත්‍රික් ලේකම්ට බලයක් නැද්ද

:       0       0

Bamunuarachchi Tuesday, 07 March 2023 06:15 PM

එකම පිළියම පිටරටින්, ඉන්දියාවෙන්, චීනෙන් සහල් ගෙන්වමු. පොහොර ප්‍රශ්න නැහැ, වතුර ප්‍රශ්න නැහැ, විදුලි ප්‍රශ්න නැහැ, රජයට බදු ලැබිලා අපිට ලාබෙට සහල් ලැබෙනවා. එහෙම හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site