IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


වී වගාවට පොහොර යොදන අනුපාතය ගැන මහාචාර්ය නිර්දේශයක්

 

(අංජුල මහික වීරරත්න)

2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර සියයට 70ක් හා කාබනික පොහොර  සියයට 30ක් ලෙස යෙදීමට කෘෂිකර්ම මහාචාර්යවරුන්  නිර්දේශ කර තිබෙි.

වී වගාව සඳහා රසායනික හා කාබනික පොහොර යොදාගත යුතු ආකාරය සම්බන්ධයෙන් කෘෂි අංශ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා විමසීම අද  (28) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද මරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට   මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය වර්ෂි දන්දෙනිය, මහාචාර්ය සමන් ධර්මකීර්ති, ආචාර්ය උපුල් රත්නායක යන මහත්මීහු මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ  සහභාගී වූහ.



අදහස් (4)

වී වගාවට පොහොර යොදන අනුපාතය ගැන මහාචාර්ය නිර්දේශයක්

AB Thursday, 28 July 2022 05:27 PM

වී වගාවට හෝ වෙනත් බෝගවර්ග සහ කෘෂි රසායනික යොදන ආකාරය (අනුපාතය / පොහොර යොදන අනුපාතය පිළිබඳ දේශපාලකයන් විසින් තීන්දු නොගෙන මහාචාර්ය / විද්වත් උපදෙස් සහ නිර්දේශ අනුව ක්‍රියාත්මක වීම දේශපාලකයන් විසින් සිදුකළ යුතුවේ. ගොවින් වෙතද මෙම පණිවුඩය මාධ්‍ය මගින් ලබාදිය යුතු අතර, රටට කිසිදු ප්‍රයෝජනයක් නොමැති දේශපාලන සකච්ඡා නවත්වා ආර්චාර්ය/මහාචාර්ය / විද්වතතුන් සහ ගොවින් මාධ්‍ය වෙත ගෙන්වා දෙපාර්ශ්වයේම අදහස් සහ ක්‍රමවේද රටට ලබාදෙන්න. ඒ සඳහා රටේ සෑම පළාතකම (පළාත් 09 නියෝජනය වන ආකාරයෙන්) ගොවීන්ගේ නියෝජනය වැදගත් වේ.

:       0       0

ගැමුණු දුටු Thursday, 28 July 2022 08:27 PM

අශ්වයාට යන්න ඇර ඉස්තාලය වැසීමේ ක්‍රම ගැන කතාකිරීම...

:       0       0

de silva Thursday, 28 July 2022 11:16 PM

ගොවියන්ට සුපුරුදු ලෙස ගොවිතැන කරගන්න ඉඩදීලා මහාචාර්යවරු ඔවුන්ගේ වැඩක් බලාගන්න. ගියවර දොස්තරලා දුන්නු උපදෙස් නිසා නන්දෙ කළ ගොන් වැඩ අපි තවම අත්විඳිනවා. මෙහෙ කාබනික පොහොර කියලා දෙන්නේ වැලි මිශ්‍ර අළු... ඔය කාබනික පොහොර බෝතලයකට දමලා වතුර වක්කළාම... බලාගන්න පුළුවන් තිබෙන වැලි සහ අපද්‍රව්‍ය ප්‍රමාණය.

:       0       0

අරුණ ගීත් කුමාර Friday, 29 July 2022 08:17 AM

කාබනික පොහොර යෙදීමෙන් වැඩි අස්වැන්නක් ලැබෙන වී ප්‍රභේද හඳුන්වා දියයුතුයි... මෙම වී පාරම්පරික හෝ දෙමුහුන් වී ප්‍රභේදයක් ලෙස හඳුනාගැනීම සුදුසු වේ. වී පර්යේෂණ ආයතනවලට එම වගකීම පැවරිය යුතුය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site