IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘වී මිලදී ගැනීමට රජයේ කිසිඳු වැඩපිළිවෙළක් නැහැ‘-එස්.එම් චන්ද්‍රෙස්න

(දයාරත්න ඇඹෝගම)
 
‘මේ වන විට වී මිල විශාල වශයෙන්  පහළ වැටීමෙන්  ගොවි ජනතාව  අන්ත අසරණ වෙලා රජයට  මේ වී මිලදී ගැනීමට කිසිම වැඩ පිළිවෙළක් නැහැ‘ යැයි ශ්‍රි ලංකා ගොවි  ජන පෙරමුණේ සභාපති  අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසිය. 
 
රජය වහාම මේ වී මිල ප්‍රශ්නය  විසදීමට කටයුතු නොකළහොත් සමස්ත ගොවිජනතාව සමඟ එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා යැයිද මන්ත්‍රීවරයි පැවසීය.
 
‘ යැයි  මන්ත්‍රීවරයා මේ  බව සදහන් කළේ අද   (17 )දින පෙරවරුවේදි  අනුරාධපුර  කුරුන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
 
 
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.
 
 
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වී  දින දෙකක් තුළ  ගොවියට පොහොර සහනාධාරය ලබා දීමට පියවර ගත්තා .මේ නිසා වසර හතරකට පසු  සාර්ථක වී අස්වැන්නක් ලැබෙමින් පවතිනවා.
 
අද  අම්පාරේ මේවන විට  වී කිලෝවක් රුපියල් 28 යි 29 යි. ත්‍රිකුණාමලයේ වි කිලොවක් රුපියල් 28 යි .මම ජිවත්වන අනුරාධපුරයෙත් රුපියල් 29 යි .අපේ ආණ්ඩුව කාලයේදී වී මණ්ඩලය හරහා වී මිලදී ගත්තා.
 
පසුගියදා ජනධිපතිතුමා  කැබිනට්   මණ්ඩලයේදී ප්‍රකාශ  කළා වී මිල දී ගැනීමට රුපියල් කෝටි සියයක් වෙන් කලා  කියල නමුත් තාම  ඒ පිළිබදව සුදානමක්වත් නැහැ.
 
අපි ඉල්ලා සිටින්නේ මේ රටේ අව්වට වේලෙන වැස්සට තෙමෙමින් දහඩිය වගුරවමින්  දුක් විදිමින් රටට බත සපයන ගොවිජනතාව අසරණ කරන්න එපා කියලයි. 
 
සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ගොවියා අඩපණ කිරීමේ වැඩ පිළිවෙළක්   ක්‍රියාත්මක කරනවද කියල අපට  බරපතල සැකයක් තිබෙනවා .වී මෝල් තුන් දාහක් පමන වසා දාල. ජනාධිපති තුමා කියල තිබුණ කුඩා  වී මෝල් හිමියන් ශක්තිමත් කරනවා කියලා.
 
වී කිලෝවක් රුපියල් තිහනම වී කිලෝ තුනකින් පුළුවන් හාල් කිලෝ දෙකක් නිෂ්පාදනය කරන්න. 
 
නිෂ්පාදන වියදම රුපියල් දහයක් ගියත් හාල් කිලෝවක් රුපියල් පනස් පහකට දෙන්න පුළුවන් නමුත් අද පාරිභෝගිකය හාල් කිලෝවක් මිලදීල ගන්නේ රුපියල් සියට, එකසිය දහයට. මේ කෙන් පේනවා වෙළදුන් කෝටි ගණන් උපයන බව  පාරිභෝගිකය අසරණ වෙලා  එම නිසා වහාම ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරන ලෙස අපි රජයට බල කරනවා යයිද හෙතෙම මෙහිදි පැවසිය.



අදහස් (0)

‘වී මිලදී ගැනීමට රජයේ කිසිඳු වැඩපිළිවෙළක් නැහැ‘-එස්.එම් චන්ද්‍රෙස්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16884 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site