IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි

(ගයාන් සූරියආරච්චි)

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා තිබූ ස්ථාන මාරු ලේඛන දෙකක් නැවත හරහා එවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම ලේඛනවල ස්ථාන කීපයක් සංශෝධනය වියයුතු බව පවසා පොලිස් කොමිෂන් සභාව විසින් එය නැවත සංශෝධනය කර  එවන ලෙස දන්වා ඇති බව ද පැවැසේ.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එවා තිබූ ලේඛන සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එවා තිබූ ලේඛන අතර පරස්පරවිරෝධීතාවක් ඇති බව පවසමින් පොලිස් කොමිෂන් සභාව එම ලේඛන හරවා යවා ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

එම ලියවිලි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ස්ථානමාරු සම්බන්ධයෙන්ද ලියවිලි පවතින බව පැවැසේ.

 

 



අදහස් (2)

වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි

Jayantha gunathilaka Monday, 25 November 2024 09:36 AM

කොමිසම වෙනස් කල යුතුය

:       1       5

I.d a kumar Wednesday, 27 November 2024 07:18 AM

කොමිසම තුළ කටයුතු කරන නිලධාරින්ගේ තත්ත්වය පරීක්ෂා කර කොමිසම දේශපාලන ගොට්ටන්ගෙන් ඉවත් කළ යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site