IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


වී ගබඩා කිරීමෙන් මත්තලට වූ හානියේ තක්සේරු වාර්තාව ලබන සතියේ ජනපතිට

( තිළිණි ද සිල්වා )
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම හේතුවෙන් එහි දේපළවලට හානි සිදුවීමේ සිද්ධියට අදාළ තක්සේරු වාර්තාව ලබන සතියේදී ජනාධිපති පරීක්ෂණ කොමිෂන්  සභාව වෙත ලැබීමට නියමිත බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙක් අද  ( 13) ලංකාදීපයට පැවසීය.
 

එම ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් එයට සිදුව ඇති පාඩුව කොපමණදැයි ගණනය කිරීමට රජයේ  තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් හා කොමිෂන් සභාවේ පොලිස් නිලධාරීන් යුත් කණ්ඩයමක් පසුගිය 08 වැනිදා මේ  සම්බන්ධයෙන් සොයා බැලීමට මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණයක නිරත වූ අතර, ඊට අදාළව සකස් කළ වාර්තාවක් සති දෙකක් ඇතුළත කොමිසමට බාර දෙන බවට ප‍්‍රකාශ කළ බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කීය.
 
ඒ අනුව එම වාර්තාව ලබන සතියේ කොමිසමේ සභාපතිවරයා වෙත ලැබෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සමබන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එම කොමිසම මීට පෙර තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබිණි.

එම  ගුවන්තොටුපළේ ඇතැම් ස්ථාන වලට හානි  සිදුව ඇති ව එම පොලිස් නිලධාරීන් තොරතුරු ලබා ගෙන තිබූ අතර ඒ අනුව එම ගුවන්තොටුපළට සිදුවූ හානිය ගණනය කිරීම කොමිසම තීරණ කරනු ලැබීය.



අදහස් (0)

වී ගබඩා කිරීමෙන් මත්තලට වූ හානියේ තක්සේරු වාර්තාව ලබන සතියේ ජනපතිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site