IMG-LOGO

වී ගන්න විදිය ගැන ජනපති කාර්යාලය කියයි

(අංජුල මහික වීරරත්න)

2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් නාඩු වී පමණක් මිලදී ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි .

ඒ අනුව උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 100කට ද, තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 88කට ද මිලදී ගනු ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී  තොග බාර ගැනීම, ගබඩා කිරීම සහ ඊට අදාළ ලේඛන පවත්වා ගැනීම හා ගිණුම් ගත කිරීම පිළිබඳ වගකීම දිස්ත්‍රික් ලේකම්වරු සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරේ. 

මිලදී ගන්නා වී තොග කඩිනමින් සහල් කර 2023 මාර්තු සහ අප්‍රේල් මාස තුළදී බෙදා හැරීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා වී කොටා අවසන් කළ හැකි වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්/ සමූපකාර සමිතිවල වී කෙටීමේ ධාරිතාව සලකා බලා වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් එම වී මෝල් හිමියන් හා සමූපකාර සමිතිවලට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

වගාකර ඇති භූමි ප්‍රමාණය අනුව එක් ගොවියකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය අක්කර 01 දක්වා කිලෝ ග්‍රෑම් 2,000ක් ද, අක්කර 1-2 දක්වා වී කිලෝ ග්‍රෑම් 4,000ක් ලෙස ද අක්කර 2ට වැඩි වී කිලෝ ග්‍රෑම් 5,000ක් ලෙස ද දක්වා ඇත. 

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා ක්‍රියාත්මක කරන රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා වන අරමුදල් අවශ්‍යතාවය දිස්ත්‍රික් ලේකම්වරු විසින් මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත දැන්විය යුතුය.

 ඒ අනුව සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව විසින් සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරු වෙත භාණ්ඩාගාර අරමුදල් වෙන් කිරීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුවටත්, අක්මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත සෘජුවම අයවැය ප්‍රතිපාදන ලබාදෙනු ඇති අතර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වී මිලදී ගැනීම සඳහා අක්මුදල් නිදහස් කරනු ඇත. 

වී මිලදී ගැනිමේ වැඩසටහන සඳහා වන අරමුදල්, අවශ්‍යතාවය පරිදි මහා භාණ්ඩාගාරය විසින් වරින් වර නිකුත් කිරීම සිදු කරනු ලැබේ. 

තම දිස්‍ත්‍රික්කයේ ගොවීන්ගෙන් පමණක් වී මිලදි ගන්නා බවට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වගබලාගත යුතු අතර අදාළ ගොවියා නමින් නිකුත් කරනු ලබන ගෙවීමේ සහතිකපත්‍රය ලංකා බැංකුව. මහජන බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අදාළ ශාඛාවට ඉදිරිපත් කළ විට අදාළ බැංකුව විසින් එම ගොවියාගේ බැංකු ගිණුමට නියමිත මුදල වහාම බැර කරනු ලැබේ. 

මහ කන්නයේ දී මිලදී ගනු ලබන වී තොග සහල් කර හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ආවරණය වන පරිදි එක් පවුලකට මාසයකට කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක කාලයක් සඳහා ලබාදීමට නියමිත අතර ඊට අදාළ උපදෙස් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ඇත.

වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් ගතයුතු පියවර පිළිබඳව ද උපදෙස් නිකුත් කර තිබෙන අතර ගබඩාවල පවතින වී සහ සහල් තොග ආරක්ෂාව සඳහා අවශ්‍යතාවය මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොදවා ගැනීම, වී මිලදී ගැනීමේ දී වන මෙහෙයුම් වියදම් අදාළ මුදල් රොගුලාසි, චක්‍රලේඛ සහ අනෙකුත් රජයේ අනුමැතින්ට යටත්ව සිදු කිරීම, එක් එක් දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාණ්ඩලික නිලධාරියෙකු පත් කිරීම ඊට ඇතුළත්ය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රමුඛතාවයක් සේ සලකා රජයේ වියදම් අවම වන පරිදි අස්වනු නෙළන කාලය තුළ සමස්ත රාජ්‍ය  සේවය කැපවීමෙන් ආදර්ශමත්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

 



අදහස් (1)

වී ගන්න විදිය ගැන ජනපති කාර්යාලය කියයි

චන්දන Tuesday, 14 February 2023 01:59 PM

මේ විහිලුවක් . පෙබරවාරි කපන ගොයම් වල වී කොටල මාර්තු වල හාල් ගන්නෙ මොන මෝඩයො ද. අලුත් වී වල සහල් තැම්බූ විට වෙන දේ බත් කන අය දන්නවා . හැමෝටම කියන්නේ මේ හාල් නම් ගෙදරට ගෙනියන්න එපා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site