(අජන්ත කුමාර අගලකඩ)
ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කර ඇත.
රාජ්‍ය බැංකු දෙකෙන් අවශ්‍ය අරමුදල් සපයා නොදීම නිසා, වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම නවතා දමා ඇති බවත්,මේ තත්වය තුළ ගොවියා ශක්තිමත් කරන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
එහිදී අදහස් දක්වා ඇති කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා වී මිලදී ගැනීම සඳහා මණ්ඩලයට රුපියල් කෝටි දෙසීයක් ලබාදෙන්නැයි රාජ්‍ය බැංකු දෙකකින් ඉල්ලීමක් කර ඇතත්, සත පහක්වත් මේ වන තෙක් ලැබී නැතැයි ප්‍රකාශ කර ඇත .
මේ සඳහා වහාම මැදිහත්වන්නැයි අමරවීර මහතා මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ද ඉල්ලීමක් කර ඇත.
වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ දැනටමත් සති දෙක තුනක් ම ප්‍රමාද වී ඇති බැවින් , වහාම ඒ සඳහා මුදල් ලබා දීමට මැදිහත්වන්නැයි ඇමතිවරයා ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී ගන්න වැඩ පිළිවෙළක් හදන්න