IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වී කුරුල්ලන් ළඟ තබාගත්තැයි දඩ

(දිලංගා ගෝමස් )

වී කුරුල්ලන් 79 ක් කූඩු කර විකිණීමේ ව්‍යාපාරයක් සිදු කලේ යැයි පැවසෙන පුද්ගලයකුට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් විසි දහසක දඩයක් ගෙවීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය පසුගිය නියෝග කළාය.

මෙලෙස දඩ ගෙවීමට නියම වූයේ ගල්කිස්ස අබේසේකර පාරේ පදිංචි කේසවන් පුල්ලේ චරින්ද මධුෂාන් නැමැත්තාට යි.

ගල්කිස්ස ගාලු පාරේ පවත්වා ගෙන ගිය සුරතල් සතුන් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයක කූඩු කර සිටියදී මෙම වී කුරුල්ලන් සොයා ගැනීමට හැකි වූ බව බෙල්ලන්විල අඩවි ආරක්ෂක සමන් ලියනගම මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

කූඩු කර විකිණීමට තබා සිටි වී කුරුල්ලන් 79 දෙනා බෙල්ලන්විල අභය භූමියට මුදා හරින ලෙසට  බෙල්ලන්විල අඩවි ආරක්ෂක නිලධාරීන්ට අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.



අදහස් (0)

වී කුරුල්ලන් ළඟ තබාගත්තැයි දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site