IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වී අලෙවි මණ්ඩලයේ වී මිල තීරණය කරයි

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගත යුතු මිල ගණන් ඇතුළු තීරණ කිහිපයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන ආරම්භ කර ඇති අතර, යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායි පොලී අනුපාතයක් මත වාණිජ බැංකු හරහා රුපියල් මිලියන 6,000ක උපරිමයක් දක්වා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ඔඩපණ ණය ලබා දීම පිණිස දැනමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. වී මිල දී ගැනීමේ තරඟකාරීත්වය ඉහළ නැංවීම  සහ එළඹෙන මහ කන්නයේ නිෂ්පාදනය දිරිගැන්වීමේ අරමුණින් ජනාධිපතිවරයා  සහ කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා  ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී:

* 2024 යල කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා සක්‍රීයව සහභාගී වීමට හැකි වන පරිදි වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන සලසා දීම.

* වී අලෙවි මණ්ඩලය මඟින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105/- බැගින් ද, සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115/- බැගින් ද, කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130/- බැගින් ද මිල දී ගැනීම.

* එළඹෙන මහ කන්නයේදී උපරිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන පරිදි වී වගාව සඳහා ගොවීන් දිරිගැන්වීම පිණිස දැනට හෙක්ටයාර එකක් සඳහා ගෙවනු ලබන රුපියල් 15,000/-ක් වන පොහොර සහනාධාරය හෙක්ටයාර එකක් සඳහා රුපියල් 25,000/- දක්වා වැඩි කිරීම.



අදහස් (0)

වී අලෙවි මණ්ඩලයේ වී මිල තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site