(රෝෂන් තුෂාර)
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාරව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරියගේ දියණිය ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග නියෝග කළාය.
කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ කුරුඳු වත්තේ පදිංචි හේමාලී විජේ රත්න සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පසුගිය සිකුරාදා දින අධිකරණ භූමියේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල් වත්ත පොලිසිය එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර අල්ලස් කොමිස මේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමද තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අදාළ පැමිණිලි දෙකම සලකා බැලීමෙන් පසුව මෙසේ වෙන් වෙන් වශයෙන් ලබන නමවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සැකකාරිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් සඳහන් කර සිටියේ විදේශයක ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඇ‘ය මැරෙනවා‘ යැයි කිවූ දේ මරණවා යැයි වෙනත් විදිහකට වටහාගෙන මෙම පැමිණිල්ල කර ඇති බවය.
ලබාල තැනැත්තියක් බැවින් ඇයට ඇප නියම කරන ලෙසද නීතිඥවරුන් ඉල්ලා සිටියේය.
(ඡායාරූපය: සුමුදු හේවාපතිරණ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය රිමාන්ඩ්
Gayan Monday, 07 July 2025 02:53 PM
ඉතින් ඉංග්‍රීසි වලින් බනින්න තිබුණනේ... මොන එහෙකටද නොදන්න සිංහලෙන් බනින්න ගියේ... හොඳ වැඩේ...
කුකුල් චමින්ද Monday, 07 July 2025 03:42 PM
මේක අහලා මටත් හිතෙනවා මැරෙන්න, ඒත් ලාබාල වුණත් මැයටත් බත්කටක් කවාගෙන ඉන්න එක ඊටත් වඩා හොඳයි කියලත් හිතෙනවා.
Jagath Leanage Monday, 07 July 2025 04:40 PM
රට රටවල් වල ඉගෙන ගත්තත් වැඩක් නැහැ, තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැත්තන්...
Nimal Monday, 07 July 2025 04:50 PM
ඇය නිදහස් කිරීමට පෙර තේරෙන භාෂාවෙන් අධිකරණයේදී තදින් අවවාද කරාවි...
podi haamine Monday, 07 July 2025 05:59 PM
ඇය කියපු වචනය තේරුම් ගැනීමටවත් බැරි පොලිසිය හා අල්ලස් කොමිසම... අද්භූත
කුසුම්සිරි Monday, 07 July 2025 06:57 PM
ඔක්කොටම හපන් මේ වගේ අපරාධකාරයෝ බේරාගන්න ඉදිරිපත්වන නීතිඥයෝ... හැබැයි දැන්නම් මිනිස්සු රැල්ලක් වගේ අපරාධකාරයෝ බේරාගන්න නීතිඥයෝ කෙරෙහි ප්‍රසිද්ධියේම අප්‍රසාදය පලකරනවා.
Nimal 1 Monday, 07 July 2025 07:02 PM
රස්තියාදුකාරියක් වගේ පෙනෙන්නේ...
sumith Monday, 07 July 2025 07:02 PM
මෙය බොහෝ විට තමන්ගේ මව අත් අඩංගුවට ගැනීම නිසා ඇතිවූ මානසික පීඩනය නිසා කියැවුණු දෙයක් විය හැකිය.
shamika Monday, 07 July 2025 07:15 PM
අහිංසක ලෙඩ්ඩු විකුණගෙන කාපු සල්ලි වලින් කාපු නුඹලාට හොඳක් වෙන්නේ නැහැ. තව එනවා මෙතන සද්දේ දාන්න.
Indikaබබ Monday, 07 July 2025 07:32 PM
මට නම් හිතෙන්නේ ඔය එකේ අයටත් ඕකේ බත් කන්නවෙයි වගේ.. මොකො කිව්වොත් හරිම අතාත්වික නඩු හබ තමයි එන්නේ... මේ දොස්තර විතරද දන්නේ නැහැ ඕකේ ඔපරේසන් කරේ.. තියටර්එකේ තව බල්ලෙක්වත් ඉඳලා නැහැ වගේ...!
Chathuri Monday, 07 July 2025 07:37 PM
අතේ පිරිත් නූල් ගැට ගහපු හාමුදුරුවෝ. දන්නෙම නැත්ද මෙයාගේ අම්ම කරලා තියෙන අපරාධ. අසරන ලෙඩ්ඩුන්ට. මේ වගේ හිරිකිත වැඩකරන අයට ලැජ්ජාවක් නැත්ද පිරිත් නූල් බැඳ ගන්න. එදිනෙදා වැඩ කරන මිනිහගෙ අතේ මොන නූලක්වත් නැහැ.