
(අංජුල මහික වීරරත්න)
ලංකාව පාලනය කරන දේශපාලන පක්ෂය හැර ලියාපදිංචි දේශපාලන පක්ෂ 67 සහ ලියාපදිංචි වීමට ඉල්ලුම් කර තිබෙන දේශපාලන පක්ෂ 15 රටේ අනාගතය සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් එකට එකතුව ක්‍රියා කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(24) පැවසීය.
විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිපෝන් හෝටලයේ දී මෙම “මහ ජන හඬ” මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා:-
පසුගිය සිකුරාදා නුගේගොඩ පැවැති “මහ ජන හඬ” රැළියේදී ඉතාමත් සාර්ථක මහජන මතයක් රජයට පෙන්වන්න හැකියාව ලැබුණා. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී අපේ පක්ෂයේ සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 40 ක නායකයින් සහ නියෝජිතයින් සම්බන්ධ කරගත්තා. ප්‍රධාන විරුද්ධ පක්ෂයේද නියෝජිතයින් සහභාගී වෙමින් අපි මේ පණිවිඩ ලබාදීම ආරම්භ කළා.
ජනතාව දැනුවත් කිරීම සඳහා ගම් මට්ටමින් රැස්වීම් 1000 ක් පවත්වන්න අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවක් තිබෙනවා.ඒ අනුව අපේ පක්ෂයත් සියලු දේශපාලන පක්ෂත් සියල්ලම ජාතික වශයෙන් එකට එකතු වී ක්‍රියාකළ යුතුව තිබෙනවා.
ආණ්ඩුව දිගින් දිගටම බොරු කියලා සමාජය සම්පූර්ණයෙන්ම වල්මත් කරලා සියලු දේශපාලන පක්ෂත් විනාශ කිරීම සඳහා ක්‍රියාකර තිබෙනවා. මේ “මහ ජන හඬ” ව්‍යාපාරය සඳහා දායකත්වය ලබාදුන් සමස්ථ දේශපාලන පක්ෂවලටත් සියලුම මහජනතාවටත් එක්සත් ජාතික පක්ෂයේ ස්තූතිය පළ කර සිටිනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, පිවිතුර හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත මහත්වරුද සහභාගී වී සිටියහ.
2025 නොවැම්බර් මස 21
78
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
173
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1030
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විපක්ෂයේ නායකයෝ ආයෙත් රැස් වෙති
සංඛ Monday, 24 November 2025 02:08 PM
මේ ගොල්ලෝ දැන් අනාථ වෙලා ඉන්නේ...මොනවා කිව්වත් මහ ජනතාව මේ අයව දැන් කුණු බක්කියට දාලා තියෙන්නේ. මේ ගොල්ලෝ ආණ්ඩු කරපු කාලේ කොච්චර මහජන මුදල් ප්‍රකෝටි ගණන් නාස්ති කලාද උප ඇමැතිලා, රාජ්‍ය ඇමතිලා, ව්‍යාකෘති ඇමතිලා කියලා ගෝලයින්ව හැම අමාත්‍යාංශ වලට දාගෙන. අද මාලිමා රජය ඒ නාස්ති කිසිවක් නැහැ. රටේ කුඩු සංස්කෘතියත් බින්දුවට අඩු කරලා, රටේ දූෂණය නැතිම කරලා රටේ වල් වැදිලා තිබුණු නීතිය අකුරටම අද අකුරටම ක්‍රියාත්මක වෙනවා. මාලිමා රජය අද ලෝකේටත් හොඳ ආදර්ශයක්...
Nihal Dharmatileke Monday, 24 November 2025 02:16 PM
ආසාර්ථක ජනහඩේ දෙවැනි ජවනිකාව..
Piyal Monday, 24 November 2025 02:26 PM
ජඩ හඩ - කසඩ එකතුව...