IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ

(යොහාන් භාසුර)

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලිබල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (19) පැවසීය.

කොළඹ 7 පිහිටි විදුලිබල හා බලශක්කි අමාත්‍යංශයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය කාංචන විජේසේකර මහතා එසේ පැවසීය.

නව විදුලිබල පනත පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි යම් ව්‍යවස්ථා හෝ නීති විරෝධී කරුණු ඇතුළත්ව තිබේ නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අවස්ථාව ඕනෑම පුද්ගලයෙක්ට ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට යොමු කරන නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කරන බව කී අමාත්‍යවරයා පනත පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට දුන් කාලයේදී දේශපාලඥයන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් යන මහත්වරු පමණක් යෝජනා යොමු කර තිබූ බව ද සඳහන් කළේය.  

නව පනතින් විදුලිබල ක්ෂේත්‍රය දේශපාලනීකරණය වී ඇතැයි කියන පාර්ශව කඩාකප්පල්කාරීන් බවත් දේශපාලන බලපෑම් දිරියට ගෙන යෑමට නම් දැනට පවතින 2009 විදුලිබල පනත වඩාත් යෝග්‍ය බවත් ඔහු පැවසීය. 



අදහස් (11)

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ

Nimal Friday, 19 April 2024 04:30 PM

පනත සම්මත කිරීමට පෙර ජනාධිපතිවරණය එනවා.

:       15       26

Nimal Friday, 19 April 2024 05:04 PM

තද.. තද..!

:       7       18

Athula Friday, 19 April 2024 05:18 PM

මේවගේ කයිය ගහන අය දිව්වේ පණ එපා කියලා...

:       26       29

රාලහාමි Friday, 19 April 2024 05:36 PM

බොහෝම උඩ පනිනවා, සමහරවිට ළඟදීම "කක්කා" කකා කාමරයකට වෙලා සතෙක් වගේ ඉන්න වේවිද දන්නෙත් නැහැ. එහෙම නොවුණොත් අනිවාර්යයෙන්ම හිරේ ලගින්න වෙනවා. හැබැයි ඊට කලින් තනියම පාරේදී කොල්ලන්ට අහුවුනොත් සම්බෝල හදාවි...

:       35       36

Naamal Friday, 19 April 2024 10:37 PM

පින් පඩි කාලකන්නි... මේවා CEM පුද්ගලීකරණය කරලා දාපල්ලා.. හොර ජෙප්පන්ගේ ගුහා ඕවා...!

:       0       0

ගමේ එකාලා Saturday, 20 April 2024 12:46 AM

ඕනෑවට වැඩිය උඩ පනින්න ගියාම පස්ස බිම ඇනගන්න තමයි වෙන්නේ? සමහර දූෂිත දේශපාලකයින්ට වෙච්චි දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...!

:       0       0

Bamunuarachchi fr Saturday, 20 April 2024 01:43 AM

නියමයිනේ... කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න.

:       1       1

චන්දන Saturday, 20 April 2024 07:57 AM

තාත්තා මොකද කියන්නේ ...?

:       0       1

ජුනයිඩ් නානා Saturday, 20 April 2024 09:04 AM

වැඩ අල්ලං... ඩෙංකුටු කුටු... ඩංකුටු කුටු !

:       0       0

නිමල් Saturday, 20 April 2024 09:04 AM

ඔහේ ක්‍රියාත්මක කරන්න වලිකන දේ ඔහේට ඡන්දේ දුන්නු අයට මැතිවරණ කාලේ කිව්වේ නෑ නේද?

:       0       0

Nalin Saturday, 20 April 2024 12:41 PM

කොහොමත් දේශපාලුවෝ මිනිස්සු කියන එවා අහන්නේ නැහැ.. ඔවුන්ට අමතක වෙනවා ඔතැනට ආවාට පස්සේ... ඔවුන් ඔතැනට ආවේ මහජනතාවගේ ඡන්දෙන් බව.. ඒ වගේ අය වැඩිකල් රඟන්නේ නැහැ. මොකද ඡන්දයකදි මිනිස්සු කියලා දෙයි මිනිස්සුන්ගේ බලය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය
2024 මැයි මස 02 39 0

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.


ගම්පහට මී උණ අවදානමක්
2024 මැයි මස 02 89 0

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙ


වීසා දෙන්න ඉන්දීය සමාගමකට දී මහ අවුලක් වෙලා
2024 මැයි මස 02 426 4

කටුනායක ගුවන් තොටුපොළ තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැව


වැලිඔය ගොවි රජෙක් අඛණ්ඩ උපවාසයක
2024 මැයි මස 02 147 0

රජයේ ඇතැම් නිලධාරීන් තමන් රවටන බවට චෝදනා කරමින් තමන් මුහුණ පා සිටින ගැටළුවලට විසැඳුම් ඉල්ලා වැලිඔය හැලබවැව ගොවිසංවිධානයේ සභාපති ඇතුලු පිරිසක් අද (02) උ


එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක
2024 මැයි මස 02 378 3

උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක එරික් සෝල්හයි


රැඳවියෙක්ගේ සිරුර කුටියේ එල්ලෙයි
2024 මැයි මස 02 318 0

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකුගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයා ගත් බව බලගොල්ල පොලිසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 451 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1871 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1668 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site