(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයේ සේවකයන් නව ක්‍රමයට අකමැති නම් වන්දි ගෙන ඉවත්ව යාහැකි බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (15) පැවසීය.
විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්වය පිලිබඳව පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එසේ පැවසීය.
විදුලිබල මණ්ඩලය ජනන, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති පරිපාලනය ලෙස ප්‍රධාන ආයතන හතරකට වෙන්කර ඇති බවත් එම මණ්ඩලය ආයතන හතරකට කැඩුන ද අයිතිය රජයට ඇති බවත් ඒ මහතා පැවසීය.
එම මණ්ඩලයේ සේවකයන් එම ආයතනවලට බඳවාගන්නා බව සේවකයන්ට දැනුම්දීමක් කර ඇති බව කී අමාත්‍යවරයා එයට අකමැති කට්ටියට සේවයෙන් ඉවත්ව යෑමේ අවස්ථාව ඇති බව ද සඳහන් කළේය.
එසේ ඔවුන්ගේ කැමැත්තෙන් සේවයෙන් ඉවත් වන සේවකයන්ට කිසිඳු බේදයකින් තොරව උපරිම රුපියල් ලක්‍ෂ 50 ක් දක්වා වූ වන්දියක් ඉල්ලුම් කර හිමිකරගැනීමේ අවස්ථාව ඇති බවත් විදුලිබල මණ්ඩලය පැවැති ආකාරයටම පැවතියේ නම් අගෝස්තු 17 වැනිදාන් පසුව සේවකයන් 12,000 ක් ගෙදර යැවීමට තීරණය කර තිබූ බවත් ඒ මහතා කීය.
සියලුම වෘත්තීය සමිති මෙම මස 2 වැනිදා කැඳවා ප්‍රශ්නවලට පිළිතුරු දුන් ද එම සාකච්ඡාවෙන් පසුව 3 වැනිදා අලුත්ව ඉල්ලීම් ටිකක් ඉදිරිපත් කර ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් කරගෙන යන වැඩපිළිවෙළට බාධා කිරීමට යැයි සැක සිතන ප්‍රායෝගික නොවන ඉල්ලීම් ඒවායේ ඇතුළත් බව ද සඳහන් කළේය.
ඒ අතර විදුලිබල මණ්ඩලය වහන්න වන තරමේ වන්දියක් ඇතුළුව ප්‍රායෝගික නොවන ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව ඇති බව ද අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයයකොඩි මහතා වැඩි දුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විදුලි සේවකයන්ට වන්දි අරගෙන යන්න පුළුවන්