IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීම  කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද ප්‍රතික්ෂේප කළේය.

දුමින්ද දිසානායක මහතා විසින් පැවරූ  නඩුවේ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතා  විසින්  සරත් ඒකනායක,අමාත්‍ය විජේදාස රාජපක්ෂ,කීර්ති උඩවත්ත,සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහත්වරුන්ට එරෙහිව  පැවරූ  නඩුවේ කරුණු  සළකා බැලීමෙන් පසුව  වාරණ ඉල්ලීම  ප්‍රතික්ෂේප කෙරිණි .

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් විනිසුරු සඳුන් විතාන මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස මහතා සහ ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත්  පත් කර ගැනීමට පසුගිය 12 දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව ගනු ලැබූ තීරණය මත එම පක්ෂය , එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමද  මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි.
පැමිණිලිකාර දුමින්ද දිසානායක මහතාගේ හා පක්ෂයේ සභාපති නිමල් සිරිපාල සිල්වා මහතාගේ කටයුතුවලට බාධා කිරිම වළක්වමින් වාරණ  නියෝගයක්ද මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණි.



අදහස් (2)

විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

ප්‍රියන්ත Thursday, 16 May 2024 12:09 PM

උබලා රනිල් එක්ක යන්නකො නිකන් බොරු ෂො දාන්නෙ නැතිව

:       1       6

Vithana Friday, 17 May 2024 05:54 AM

ප්‍රියන්ත නොදන්නවට රනිල්ගේ ආණ්ඩුවේ පොහොට්ටුවේ ඇමතිලත් ඉන්නවා, වෙන පක්ෂ ගණනාවක ඇමතිලා ඉන්නවා, රනිල්ට පොහොට්ටුව ඇතුළු පක්ෂ ගණනාවක් සහයෝගය දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 31 1163 0

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 31 1244 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.


වර්ජනය අස්සේ දුම්රියක් කන්කසන්තුරේ ගිහින්:පාඩුව ලක්ෂ 30යි
2024 ඔක්තෝබර් මස 31 1540 0

දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන


සුපිරි ඉන්ධන මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 31 1585 0

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.


රුහුණු කුමාරි පීලි පනී
2024 ඔක්තෝබර් මස 31 383 0

මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


‘‘මහින්දගේ මවිලකටවත් හානි වුණොත් බලාගෙනයි‘‘
2024 ඔක්තෝබර් මස 31 5405 0

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 310 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1131 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 638 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site