(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි කංකානම්ගේ)
නොරෝච්චෝල නාවකාඩුව ප්‍රදේශය නවතා තිබු රථයක අද (28) කුකුල් අසුචි (පොහොර) ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පිටුපසින් ගැටිමෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත් ඇත්තේ මීගමුව දුන්ගල්පිටිය පදිංචි 15 හැවිරිදි තාරක කවිෂ තෙන්නකෝන් නැමති දරුවෙකු හා 72 හැවිරිදි දෙදරු පියකු වු රණසිංහගේ මයිකල් නම් අයෙකි.
මොවුන් ගමන් කල වෑන් රථයේ උඩ සවිකර තිබු බඩු රැගෙන යන ට්‍රැක් එක සෙලවිම හේතුවෙන් එය සකස් කිරීමට වාහනයෙන් බැස එය සකසමින් සිටියදී වෑන් නොරෝච්චෝල දෙසට කුකුල් පොහොර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මීදි වෑන් රථයෙ ගැටි ඇති බව කියයි.
අනතුර වන අවස්ථාවේදි වෑන් රථයේ 15 දෙනෙකු සිට ඇති බවත් ඔවුන්ගේ දස දෙනෙකුට ආසන්න පිරිසක් සුළු තුවාල සිදුව තිබු බවද කියයි.
වෑන් රථය අනතුරීන් ඇදි ගොස් නැවති තිබු ස්ථාන ගැඹුරු ජලය පිරි අගලක් තිබු ඇතත් වෑන් රථයේ සිටි පිරිස මහත් පරිශ්‍රමයකින් එළියට පැමිණ ඇති බව කියයි.
අනතුරීන් තුවාල ලැබු පිරිස අතර ලොරි රථයේ රියදුරුද බරපතල තත්වයෙන් පුත්තලම මූලික රෝහලේ පථිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.
අනතුර සම්බන්ධව නොරෝච්චෝල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වෑන් රිය කුකුල් අසුචි ලොරියේ ගැටී දෙදෙනක් මරුට