IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වැලිකන්ද රෝහලේ කටයුතු වලට අලින්ගෙන් බාධා

(නිමල් ජයරත්න)

පොලොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඊයේ (14) රාත්‍රී පැමිණි වන අලින් දෙදෙනෙකු එම රෝහලේ නවතා තිබූ ගිලන් රථයකට පහරදී රෝහල තුල සැරිසැරීම හේතුවෙන් එම රෝහල් කටයුතු වලට බාධා සිදුව ඇති බව රෝගින් හා සේවකයින් පවසති.

ඊයේ (14) වෙනිදා රාත්‍රී 10 ත් 11 ත් අතර කාලයේ සෝමාවතිය රක්ෂිතයේ සිට මෙම වන අලි දෙදෙනා වැලිකන්ද රෝහලට පැමිණ ඇති බවත් එලෙස රෝහල පැමිණි වන අලි දෙදෙනාගෙන් එක් වන අලියෙකු වැලිකන්ද රෝහලේ රෝගීන් ප්‍රතිකාර සදහා ප්‍රවාහනය කරනු ලබන ගිලන් රථයකට පහරදී හානි කර ඇත.

වැලිකන්ද නගරයේ පිහිටි මෙම රෝහලට මෙලෙස වන අලි පැමිණිම රෝගීන්ගේ ජීවිතවලට මෙන්ම රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කටයුතු වලටද දැඩි තර්ජනයක් බවට රෝහල්  සෞඛ්‍ය සේවකයින් හා රෝගීන් සදහන් කරති

වන අලි රෝහල් පරිශ්‍රයට හා වැලිකන්ද නගරයට පැමිණීම වලක්වා රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයින්ගේ හා රෝගී ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙසට ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.



අදහස් (0)

වැලිකන්ද රෝහලේ කටයුතු වලට අලින්ගෙන් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site