IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


වැඩක් නැති බෙහෙත් තිහක් වෙළඳපොලෙන් ඉවතට?

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

කිසිදු ලියාපදිංචි සැපයුම්කරුවකු  නොමැති  ඖෂධ වර්ග තිහක් ලංකාවේ ඇති බවත් ඒ වගේම මෙම ඖෂධ පසුගිය කාලයේ පෞද්ගලික ෆාමසිවලවත් තිබී නැති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක විජේමුණි  මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

ඒ වගේම එම ඖෂධ වෛද්‍යවරුන් පාවිච්චි කර නැති බවත් එම බෙහෙත් තවදුරටත් අවශ්‍යද කියන ප්‍රශ්නය තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

එම බෙහෙත්වලට විකල්ප තිබෙන බවද ඔහු කීවේය

ලංකාවේ ඖෂධ වර්ග අටසිය හැට තුනක් සහ  නොයෙකුත් ශල්‍ය උපකරණ  පන්දහස් හයසියයක් භාවිතා කරන බවත් ඖෂධ පනහක පමණ ප්‍රශ්නයක් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

නමුත් එම  අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ප්‍රාදේශීය රෝහල්වලට මුදල් ලබා දී ඇති බව හෙතෙම සඳහන් කළේය.

ලංකාවේ රෝහල්වල බොහෝ යන්ත්‍ර ජීව කාලය වසර දහය ඉක්මවා ඇති බවත්  ඒවා බොහොමයක සේවා ගිවිසුම් පවා අහෝසි වී ඇති බවත් විජේමුණි මහතා  කීය

එම ගිවිසුම අලුත් කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

ලංකාවේ එම්ජියෝ ග්‍රෑම්  යන්ත්‍ර දාහතරක් ඇති බවත් ඉන් දෙකක් කැඩී ගොස් ඇති බවත්  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය

එකම යන්ත්‍ර අලුතින් පහළොවක් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. එම්.ආර්.අයි යන්ත්‍ර දහතුනක් රටේ පවතින බවත් දෙකක් කැඩී ඇති බවත් හෙතෙම  පැවසුවේය

එම යන්ත්‍ර හයක් අලුතින් ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රට පුරාසීටී මැෂින් 46ක් ඇති බවත්  තව හතක් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවත් ඔහු ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම  අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

 



අදහස් (0)

වැඩක් නැති බෙහෙත් තිහක් වෙළඳපොලෙන් ඉවතට?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 169 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1024 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site