IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්

(දමිත් වික්‍රමසේකර)

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කිරීම අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එළැඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කෙරෙනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.

රජය වාහන ආනයන තහනම ලබන වසර මුලදී ඉවත් නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වනු ඇති බවත් එම නිසා ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි කමිටුව තීරණය කළ බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

ඇමෙරිකානු ඩොලරයේ අගය දිගු කලක් පාලනය කිරීමට නොහැකි බැවින් ආනයන තහනම ඉවත් කිරීම වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය. එහෙත් ආනයනය කරනු ලබන වාහන මාදිලි සහ එම වාහනවල නිෂ්පාදිත වර්ෂ තවමත් තීරණය කර නැතැයි එම නිලධාරියා පැවැසුවේය.

 



අදහස් (6)

වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්

Lakmal Sunday, 28 April 2024 12:17 PM

දැන් ලංකාවෙ වාහන මිලේ හැටියට අවුරැදු දහයක් විතර පරණ වාහනයකට හය ගුණයක බද්දක් ගැහුවත් මීට වඩා ලාභෙට ගේන්න පුලුවන්. අනික 2030, වෙද්දි ලෝකෙ බොහෝ රටවල් පෙට්‍රල් වාහන තහනම් කරනවා . අලුත්ම පෙට්‍රල් වාහන ගෙනාවත් ඒවයෙ අගය 2030 වෙද්දි අඩු වෙනව. ඒ හින්ද පරණ වාහන වැඩියෙන් බදු ගහල ගේන්න දුන්නොත් රජයේ ආදායමත් වැඩි වෙනව, රටෙන් එලියට යන ඩොලරැත් ඉතිරි වෙනවා

:       21       11

de silva Sunday, 28 April 2024 10:46 PM

ඔක්තෝම්බර් මාසේ වෙනකොට ජනාධිපතිවරණෙ තියන්න වෙනවා , එසේ නොකලොත් ජනතාව නැවත කොළඹ එනවා ,රනිල්ට සහ ආණ්ඩුවට සිදු වෙන්නේ බේරේවැවේ නාන්න මේ වසර අවසානේ ජනපති රනිල් නොවේ අලුත් ජනපති පාර්ලිමේන්තුව විසුරවනවා

:       2       10

chinthaka Sunday, 28 April 2024 11:34 PM

ඔය හොර නිලධාරීන් දන්නවා ඡන්දෙන් පස්සේ උන්ට කෙලවෙන බව,ඒ නිසා වාහන පර්මිට් ගන්න ක්‍රමයක් තමයි ඔය හදන්නේ.අනාගත රජයකදී ඔය පර්මිට් ඔක්කොම කැන්සල් කරනවා !!!

:       8       6

සෞභාග්‍යයේ ඉදිරි දැක්ම Sunday, 28 April 2024 11:43 PM

බෞද්ධ සාහිත්‍යයේ ජාතක කතාවක තියෙනවා එක්තරා වදුරෙක් කඩල ටිකක් අරගෙන ගහකට නැගලා කන්න හදද්දී එක් කඩල ඇටයක් බිම වැටුනා කියලා ඉතින් අර වදූරා අතේ තිබුණ සියලු කඩල විසිකර ගහෙන් බැහැලා බිමට වැටුණු කඩල ඇටේ සොයන්න ගත්තලු ඔය යෝජනාව ගෙනාපු අයත් ඒ වදුරට දෙවැනි නැහැ කියලා කියන්න පුළුවන් ඉතින් එහෙම ලොකු ලොක්කො එක්ක රට අගාධයකට වැටෙනවා මිස ඉහළට නම් ගන්නවා බොරු

:       4       8

sachith Monday, 29 April 2024 07:47 AM

මේකත් වාහන සේල් කාරයන්ගේ තවත් උප්පරවැටියක්.. ඉතුරු වෙලා තියන පොඩි වාහන ටික කුණූ කොල්ලෙට එකතු කරගන්න

:       3       10

ajith Monday, 29 April 2024 02:11 PM

ඉන්ධන ණයට ගන්න රටකට තවත් මොන වාහනද?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත
2024 මැයි මස 11 412 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාද


බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය ගැන පර්යේෂණයක්
2024 මැයි මස 11 242 0

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රම


අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානෙන් අල්ලයි
2024 මැයි මස 11 333 0

අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අප


බිහිසුණු අනතුරකින් සාපෙළ සිසුවියකට බරපතලයි
2024 මැයි මස 11 1317 0

ඉතා අපරිකාෂාකාරි ලෙස යකඩ බට තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී එහි යකඩ බට කීපපයක් ධාවනය වෙමින් තිබූ බසයක් ඇතුළුට කඩා ගෙන යාම නිසා මෙවර අපෙස සාමාන්‍ය පෙ


පාසල් සිසුවියක් දරුවකු බිහි කර රෝහලේ දමා ගිහින්
2024 මැයි මස 11 1262 0

යාපනයේ පාසල් සිසුවියක දරුවකු ප්‍රසූත කර රෝහලේ දමා පලා ගොස් ඇතැයි යාපන රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.


ලංගමට බසයක් පෙරලී 9ක් රෝහලට
2024 මැයි මස 11 661 0

හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (11) දහවල් පෙරලීමෙන් තුවාල ලැබූ නව දෙනෙකු ප්‍රත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 608 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2108 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1834 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site