IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ව්‍යාජ ලේඛන හදා වාහනයක් විකුණූ අයෙක් අත් අඩංගුවට

(අජිත්ලාල් ශාන්ත උදය) 

රුපියල් ලක්ෂ හැටකට අසන්න මුදලකට ව්‍යාජ ලේඛන සකසා, කෑලි අමුණන ලද වාහනයක් විකුණන ලද සැකකරුවෙක් හලාවත මාදම්පේ ප්‍රදේශයේ දී රත්නපුර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මාදම්පේ, ගල්මෝරුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු කාන්තාවක් ඇතුලු කිහිප දෙනෙක් සමග  මාදම්පේ ප්‍රදේශයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන කෙනෙක් බව පොලීසිය කීවේය .

පානදුර ,කෙසෙල්වත්ත ප්‍රදේශයේ කෙනෙකුට බළන්ගොඩ පොලිස් වසමේදී රුපියල් පස්නව ලක්ෂ දහදාහකට මෝටර් රථයක් විකුණා ඇත. 

මෝටර් රථයේ පොත ද එය විකුණන අවස්තාවේ මිලදී ගත් තැනැත්තාට විකුණුම්කරු විසින් ලබාදී තිබුණි. එහෙත් නව අයිතිකරු එහි අයිතිය පවරා ගැනීමට කටයුතු කිරීමේදී  දැනගන්නට ලැබී තිබුණේ එම

 අංකයට ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ නමට මෝටර් රථයක් ලියාපදිංචි කරඇති  බවයි .

ලියාපදිංචි  කිරීමට ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ ඒවා බව දැනගැනීමෙන් පසු මිලදී ගත් තැනත්තා රත්නපුර පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණි. එම ඒකකය විසින් උපක්‍රමශීලීව කළ විමර්ශනයකින් පසු  මාදම්පෙ පොලීසියේ ද සහායෙන් සැකකරු  අඩංගුවට ගෙනතිබුණි.

 

 



අදහස් (0)

ව්‍යාජ ලේඛන හදා වාහනයක් විකුණූ අයෙක් අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 54 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site