IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙළෙඳ ඇමති බඩු මිල ගැන තක්සේරුවක් දෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉදිරි මාස තුන ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉදිරියේදී උත්සව සමයක් එළඹෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කරන බඩු භාණ්ඩ ජනතාවට සැපයීමට සියලු ආනයන කරුවන් සහ දේශීය නිෂ්පාදකයන් ද සුපිරි වෙළඳසැල් සමග ද සාකච්ඡා කර වැඩ වැඩපිළිවෙළක් සකස් කළ බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙි වන විට බිත්තර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිගු, කළු ඇට ආදී සියලු දේ වල මිල පහත බැස තිබියදී බිත්තර නිෂ්පාදකයන් තවදුරටත් මිල  වැඩි කරන්න ඕනෑ යැයි කියන බව පැවසූ වෙළෙඳ අමාත්‍යවරයා තමා දන්න ආර්ථිකය නම් අමුද්‍රව්‍ය  මිල අඩු වෙනවා නම් නිෂ්පාදන වැඩි කරන්න අවස්ථාව ලැබෙන ගමන්ම සාධාරණ මිලකට විකුණගන්න අවස්ථාව ලැබෙන බවද කීය.

බිත්තර සඳහා පාලන මිලක් පවත්වාගෙන යන්නේ ජනතා වෙනුවෙන් බව ද තිරිඟු පිටි මිල  දැනට පවතින අයුරින් ඉදිරි මාස කිහිපයේදීත් පවත්වාගෙන යන්න රජයට  වගකීමක් තිබෙන බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

වෙළෙඳ ඇමති බඩු මිල ගැන තක්සේරුවක් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site