IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වාහන ලක්‍ෂ 20 ක් බ්ලැක්ලිස්ට් කරයි

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බවත් එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්‍ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර පහකට වැඩි කාලයක් බලපත්‍රය අලුත්කර සහ තොරතුරු නොමැති වාහන මෙලෙස අසාදුලේඛණගත කරන බවත් ඊට අදාල කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය.

ලියාපදිංචි සමස්ත වාහනවලින් ලක්‍ෂ 55 ක් පමණක් වාර්ෂික බලපත්‍ර අලුත් කර ඇති බවත් වාහන බලපත්‍ර නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම ගත යුතු වායු විමෝචන පරීක්ෂණ සහතික පසුගිය වසර කිහිපයේම ලක්ෂ 50 ත් 55 ත් අතර සංඛ්‍යාවක පැවැති බවත් ඇය කීවාය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ දත්ත පද්ධතියට පළාත් සභා යටතේ ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු නවයෙහි දත්ත ඇතුළත් කිරීමට නියමිත බවත් එම පද්ධතිය ඉදිරි දින කීපයේදී නිල වශයෙන් හදුන්වාදෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

වාහන පැවරීමේ විවෘත ලේඛණ තබාගනිමින් වාහන අළෙවි කරන්නන් සහ වාහන ජාවාරම්වල නිරතව වන පුද්ගලයන්ගෙන් ජනතාව ආරක්‍ෂා කිරීමට මෙම පියවර ගත් බව ද කුසලානි ද සිල්වා මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය. 



අදහස් (2)

වාහන ලක්‍ෂ 20 ක් බ්ලැක්ලිස්ට් කරයි

de silva Monday, 08 May 2023 03:04 PM

වාහන වෙළඳාමේ යෙදෙන පුද්ගලයන්ට වාහනය තමා භාරයේ තිබෙන වාහන තාවකාලිකව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ප්‍රශ්නේ විසඳෙනවා .ඕපන් පේපර්ස් තබාගැනීම රජයට මෙන්ම වාහන ව්‍යාපාරිකයාටද ප්‍රශ්නයක් වෙලා

:       1       4

සචින්තMonday, 08 May 2023 04:19 PM

ඕපන් පේපර්ස් වලින් වාහන ව්‍යාපාරිකයින්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි මදි. ඒක රජයටනම් ආදායම් අහිමිවීමක් මෙන්ම ලියාපදිංචි අයිතිකරුටත් තර්ජනයක් වෙනවා. ඒ වගේම හොරකම්, මංකොල්ලකෑම් වලටත් එහෙම තියාගන්නා වාහන හේතුවක් වෙනවා. මේ අතර සමහරක් ධනවත් අය වාහනයක් පාවිච්චියට ගත්තත් ආදායම් බදු, වංචා සඳහා ඕපන් පේපර් යටතේ වාහන තබාගන්නවා. සමෘද්ධි, සහල් මලු හා 5000/= දීමනා ගන්න බොහෝමයක් පිරිස් කරන්නේ ඒක තමයි ලංකාවේ සෑමවිටම ජයක් තියෙන්නේ... හොරාට හා බොරුකාරයාට පමණයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site