IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වාහනවලට හොර ලේඛන හැදූ මහමොළකරු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

කොටස් එකලස් කරනලද කරන ලද වාහන වලට කාලයක් තිස්සේ  ව්‍යාජ ලිපි ලේඛන සකසා විකිණීමේ  මහ පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක මහ මොළකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  සැකකරු පදවා ගෙන යමින් සිටි ජීප් රථය ද පොලිස් භාරයට ගෙන  සිදු කළ පරික්ෂාවේදී එයද කොටස් එකලස් කර තනා ව්‍යාජ ලිපි ලේඛන මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ලියා පදිංචි කර තිබූ  එකක් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ  අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය  කුමාර මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ කඩවත ගනේමුල්ල පාරේ කසුන් මාවත අසල දී බව පොලිසිය කියයි.

අනතුරුව එම ප්‍රදේශයේම පිහිටි සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී   කොටස් එකලස්  කරන ලද වාහන වලට  සහ ධාවනයෙන් ඉවත් කරන ලද වාහන 400 කට පමණ කූට ලේඛන සකසා මෝටර්රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලියා පදිංචි කර විකුණා ඇති බවට අනාවරණය වි තිබේ.

ඊට අමතරව එම ජාවාරම සඳහා යොදාගත්   ලිපි ශීර්ෂ රබර් මුද්‍රා ;මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් කූට ලෙස සැකසූ ව්‍යාජ ලිපි ලේඛන තොගයක්‍, ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය හා පුද්ගලික ආයතන වලට අයත්   ලියාපදිංචි සහතික ,ආදායම් බලපත්‍ර ධාවනයෙන් ඉවත් කරන ලද වාහන වලට විකුණු බවට සහතික ලද ව්‍යාජ ලේඛන, රාජ්‍ය හා පුද්ගලික ආයතන වල ලිපි ශීර්ෂ විශාල ප්‍රමාණයක්,

පොලිස් ස්ථාන වලින් නිකුත් කරන ලද වාහන නැති වූ බවට සඳහන් පැමිණිලි පිටපත් විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන වල මුදල් ගෙවූ බවට මුදල් පොදු172 හිස් පෝරම විශාල ප්‍රමාණයක්, රක්ෂණ සමාගම් වලට අයත්  ව්‍යාජ ලෙස සකස් කරන ලද රබර් මුද්‍රා මෙන්ම මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ රබර් මුද්‍රා පොලිස් භාරයට ගෙන ඇත.

 

 

 



අදහස් (2)

වාහනවලට හොර ලේඛන හැදූ මහමොළකරු අල්ලයි

de silva berlin Friday, 14 July 2023 03:43 PM

පොලිස් නිලධාරින්ගේ ඡායාරූප පත්තරේ දැම්මාම හොරු මේ ගොල්ලන්ව හඳුනා ගන්නවා. එහෙම වුණාම ඉදිරියේදී සිවිල් ඇඳුමෙන් ගොස් කරන මෙහෙයුම්වල සහ බුද්ධි තොරතුරු රැස්කිරීමේදී මේක විශාල බාධාවක් වෙන්න පුළුවන්.

:       0       19

de silva berlin Saturday, 15 July 2023 03:40 PM

මේ වංචාවට දෙපාර්තමේන්තු ඇතුළෙන් උදව්වක් ලැබිලා නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site