IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැසි සහිත සුළගෙන් උතුරේ ප්‍රදේශ කිහිපයක ජන ජීවිත අඩාලයි

( රොමේෂ් මධුෂංඛ)

වව්නියාව , මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්ට පවතින අධික වියලි කාලගුණය අතරතුර ඊයේ (22) ඇදහැලුනු වර්ෂාවත් සමග ඇතිවූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස, දේපල හා වගාහානි රැසක් වාර්ථා වී ඇතැයි ප්‍රදේශභාර ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි.

වව්නියාව ඕලුමඩු සහ නෙඩුන්කේනි ප්‍රදේශයන්ට වර්ෂාවත් සමග ඇති වූ සුලිසුලං තත්වයන් හේතුවෙන් පවුල් 10 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස මෙන්ම වාගාහානිද වාර්තා වෙයි.

එහිදී නෙඩුන්කේනි ප්‍රදේශයේ වගාකොට තිබූ පැපොල් වගාවක් සම්පූරණයෙන්ම සුලිසුලං හේතුවෙන් විනාශ වී ඇති අතර එහි පැපොල් ගස් 1500 කට ආසන්න ප්‍රමාණයක් විනාහ වී ඇතැයිද වව්නියාව ආපදාකලමනාකරන ඒකකය පැවසීය.

මේ අතර මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයට බලපෑ සුලිසුලං තත්වයක් හේතුවෙන් නිවාස 10 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වීමෙන් එහි වැසියන් පීඩාවන්ට පත්ව ඇතැයි මුලතිව් ආපදාකලමනාකරන ඒකකය පැවසීය.

එමෙන්ම යාපනය වරණි ප්‍රදේශයටද දැඩි වර්ෂාවක් සමගින් ඇති වූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට මෙන්ම ආගමික ස්ථානයන් වෙතටද දැඩි හානි සිදුව ඇතැයි යාපනය ආපාදාකලමනාකරන ඒකකය පෙන්වා දෙයි.

ඇති වූ සුලිසුලං තත්වයන් හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති අතරම පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පියවර ගෙන ඇතැයිද ප්‍රදේශ භෘර ආපදාකලමනාකරන ඒකකයන් වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (0)

වැසි සහිත සුළගෙන් උතුරේ ප්‍රදේශ කිහිපයක ජන ජීවිත අඩාලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site