
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය පවසයි.
ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනයේ සභාපති නිෂාද් විජේතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකාව අද වන විට සංචාරක වීසා එකක් සඳහා ඩොලර් 100.77 ක මුදලක් අයකරන බවත් වීසා ගාස්තුව ඩොලර් 50 ට තිබූ කාලයේ විදේශීකයන් විශාල වශයෙන් පැමිණි බවත්ය.
එක පුද්ගලයෙක්ට දින 30 ක වීසා සඳහා උපරිමය ඩොලර් 50 ක් අය කරන ලෙස මේ වන විටත් ආණ්ඩුවට දැනුම්දී ඇති බව කී නිෂාද් විජේතුංග මහතා සංචාරක ව්‍යාපාරය හරහා විදේශ මුදල් මෙරටට උපයාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ මෙවැනි ගාස්තු ලිහිල්කිරීම මිස තද කිරීම නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීසා ගාස්තු වැඩි වීමෙන් අවාසි රැසක්
ramani adhikari Monday, 06 May 2024 12:58 PM
ටිරාන් ඇමැතිතුමාගේ පැහැදිලි කිරීම නිවැරැදියි. මේ ජවිපයේ අය රට විනාශ කරන්න හදන තව ගුණ්ඩුවක්... ඔවුන්ගේ කෙනෙක් මේ වෙනුවෙන් කතා කළාද? පහත් බාල වැඩ කර කර ඔවුන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න එක තුච්ච වැඩකි...
සෙනෙවිරත්න Monday, 06 May 2024 01:20 PM
රමනි අධිකාරි මොලේ බලවාගන්න දැන් ජවිපෙ රජයක් නෙවෙයි, බැංකු හොරු පොහොට්ටු හවුලක් ඒ අයගේ වැඩ තමයි. මේ ටිරාන් හරිනම් තමුන් ඉන්න තැන වැටහෙනවා. අනෙක ජවිපෙද රටේ වෙන සේරම අකටයුතුවලට එරෙහි වෙන්න ඕනෑ... ඒ බව පිළිගැනීම සතුටත්, ජවිපෙ හැමදාම හරි තැන ඉන්නවා, මාලිමාවට දිනෙන් දින ජනතාව එකතුවන නිසා කුහකකමට මඩ ගහනවා...!
ජයනාත් Monday, 06 May 2024 02:33 PM
ඇයි ..ඇමැති මණ්ඩලය නේ තීරණය කලේ. උන්ට හිතුනෙ නැත්ද මේක.. බාල බෙහෙත් වගෙ තමයි ...