IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විස ආලේපන සොයා මිනුවන්ගොඩ පීරයි

(තිලකරත්න දිසානායක)

මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යගාරයක දී  කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියත් සමග   පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදු කළ වැටලීම්වලදී කල් ඉකුත් වු ආලේපන , ආනයනික විස්තර අඩංගු නොවන අලෙවිය සහ භාවිතය තහනම් කළ ආලේපන සොයා ගත් බව එම ඒකකය සදහන් කරයි.

මෙහිදී අධික මිල ගණන් යටතේ විකීණීම සිදු කළ සහ නිෂ්පාදකයකුගේ හෝ ආනයන කරුවකු නොමැති තහනම් ආලේපන විකීනීම් සිදු කළ වෙළෙඳුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන බැදුම්කර මත මුදා හැරීමට කටයුතු යොදා ඇත.

මෙම තහනම් ආලේපන භාවිතා කරමින් රූපලාවණ්‍ය කටයුතු කිරීම සිදු කළ සැලූන් පරීක්ෂා කිරීම සිදු කර ඒවායේ හිමි කරුවන් සහ සේවකයන් අත් අඩංගුවට ගෙන බැදුම්කර මත මුදාහැරීමට කටයුතු කොට තිබේ.

ඔවුන්ට විරුද්ධව මිනුවන්ගොඩ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

 



අදහස් (2)

විස ආලේපන සොයා මිනුවන්ගොඩ පීරයි

චන්දන Thursday, 12 September 2024 06:19 AM

ඇයි මේව රට පුරාවටම ක්‍රියාත්මක කරන්න බැරි . දිගින් දිගටම මෙහෙම කරනවා නම් මිනිස් ජීවිත රැකෙනවා.

:       0       3

පිටරටවැසියා Thursday, 12 September 2024 09:33 AM

කාටහරි කෙළවෙන්නම ඕන නිලධාරීන්ගේ ඇස් ඇරෙන්න...එහෙම වුණත් ඒක ටික කාලෙකට විතරමයි, අයෙත් තව කාටහරි කෙළවෙනකම්ම ආපහු පරණ නින්දටම යනවා...!!! දේශපාලුවොයි, රාජ්‍ය නිලධාරීනුයි, රටේ ජනතාවයි, ඔක්කොම වෙනස්විය යුතුමයි. නැත්නම් මේ රටට අබ සරණයි !!!

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site