
( රොමේෂ් මධුෂංක සහ ප්‍රදීප් කුමාර)
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි.
උතුරු පලාතේ යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හී ජනතාව වැඩි වශයෙන් මෙහි බලපෑමට මුහුණපා ඇත.
මෙහිදී මන්නාරම දිස්ත්‍රීක්කයේ පවුල් 2063 කට අයත් පුද්ගලයින් 7854 දෙනෙකුද, යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 1904 කට අයත් පුද්ගලයින් 7025 දෙනෙකුද කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 111 දෙනෙකුට අයත් පුද්ගලයින් 365 දෙනෙකුද මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 84 කට අයත් පුද්ගලයින් 226 දෙනෙකුද පීඩාවන්ට පත්ව සිටින බවට ආපදා කලමනාකරන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි මාර්ග කිහිපය පැවති ගංවතුර තත්වයන් හේතුවෙන් කිඹුල්ලු මාර්ගවල පැමිණ ගෙවතුවල සිටියදී වනජීවි නිලධාරීන් සහ අසල්වසීන් විසින් ඔවුන් අල්ලා මුද හැරීමට කටයුතු කොට ඇති අතර ජනතාවට පරික්ෂාකාරීව සිටින ලෙසට දැනුම් දී ඇත.
සතියකට ආසන්න කාලයක් නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයන් ඇති ව තිබෙන අතරම ඉදිරියේදී පවතින තත්වය මීට වඩ වැඩිවිය හැකි බැවින් විපතට පත්වන ජනතව සහ දේපල ප්‍රමාණයන් ඉහල යා හැකි බවටද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.


2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් උතුරේ පවුල් 4,162 ක් පීඩාවට