IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


විසිවැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් සම්මතයි

 

(බන්දුල ඉලේපෙරුම)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර සම්මත විය.

එහිදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් හා විපක්ෂව ඡන්ද  65ක් ලැබිණි.

සමගි ජනබලවේගය සමග එක්ව තරග කර පාර්ලිමේන්තුවට පැමිණි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළහ. නමුත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඊට විරුද්ධව ඡන්දය භාවිත කළේය.

මීට පෙර විරෝධය පළ කළ විජයදාස රාජපක්ෂ මහතාද පක්ෂව ඡන්දය භාවිත කළේය. සමගි ජනබලවේගයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශා්ධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නාය.

...............................................................................................................................................

 

20වැනි සංශෝධන කෙටුම්පත තෙවැනි වර කියවීමෙන් පසු ඊට පක්ෂව මන්ත්‍රීවරු 156 ක්ද, විපක්ෂව මන්ත්‍රීවරු 65 ක්ද ඡන්දය ලබාදුන්හ.

ඒ අනුව එම කෙටුම්පත තුනෙන් දෙකක බහුතර බලයකින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.



අදහස් (25)

විසිවැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් සම්මතයි

බද්රානි Thursday, 22 October 2020 04:05 PM

මුස්ලිම් ජනතාව මම හිතාගෙන හිටියට වඩා ගොඩක් බුද්ධිමත්, මෝඩ සිංහලයින් රිෂාඩ් බදුර්දීන්ගේ ඡන්දය ගැන ඇහැ ගහගෙන සිටින වෙලාවක, ගණන් හිලව් බලලා ඔවුන් ආණ්ඩුවට වක්‍රාකාරයෙන් හේත්තු වුණා.. නිර්නාමිකවම අලි සබීර් මහතා අධිකරණ ඇමති ධුරයට පමණක් නොවෙයි අනාගතයේදී රටේ ජනාධිපති කමටත් සුදුසුයි. මේ රටේ ඉතිහාසය මතක තියන සිංහලයන්ට මතක නම්, එදා රජාට විරුද්ධව සුද්දන්ට එකතු වුණ සිංහල ජනතාවක් සිටි බව. අන්න ඒක මතු අනාගතයේදීත් සිදුවිය හැකි බව පමණක් මතක තබා ගත්තොත් හොඳයි. සිංහල තක්කඩි පාලකයින් හැමදාම කලේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම පමණයි ජනතාවට නම් මේ වනතෙක් කිසිම සෙතක් සිදුවී නොමැත.

:       0       0

ශ්‍රී ලංකා Thursday, 22 October 2020 04:23 PM

දැන් බලාගන්න අනාගතේ මොනවද වෙන්නේ කියලා.. ලංකාවේ 69 ලක්ෂය දවසක තේරුම් ගනීවි.. මිනිස්සු පාරට බහින දවසක් එනවා.

:       0       0

Demuni Uduwara Thursday, 22 October 2020 04:39 PM

හාමුදුරුවනේ, දැන් මොකක්ද ඔබවහන්සේලා කරන්න යන්නේ?

:       0       0

විජිත් Thursday, 22 October 2020 05:23 PM

(ගරුතර " සිල්වත් "ස්වාමින්වහන්සේලාට නොව) මේ අර සෙට් එකටයි. හාමුදුරුවනේ, ඉල්ලන් කෑවා නේද...? නයින්ට කිරි පොවන්න කියලා කිවේ කවුද...? පන්සල් වලට එන මිනිස්සුන්ගේ මොලය සුද්ධ කරලා, ඔවුන්ට බොරු බේගල් දේශනා කරලා ඡන්දෙ දම්මවා ගත්තා. අන්තිමට හොද්දේ කරපිංචා කොලයක් වගේ හාමුදුරුවන්ගේ ඉල්ලීම් විසිකරලා දාලා 20 සම්මත කළා. දැන් ඉතින් කෑ ගහලා ඉවරයි. ජනාධිපතිට ඕන දෙයක් කරන්න පුළුවන්. රට විකුනන්න, මිනි මරන්න, හොරකම් කරන්න ... ඕන දෙයක්. මිනිස්සුන්ව රවටලා මේ හොර රැල බලයට පත්කර ගත්තට... රට විනාශ කලාට දේශපාලනයට සම්බන්ධ චීවරධාරීන් පන පිටින්ම අපාගත වෙනවා.

:       49       148

Champa Thursday, 22 October 2020 05:30 PM

ජනාධිපතිවරයා ඇමරිකාව ගැන හැඟුම්බර වෙලා ඇඬුවලු. ද්විත්ව පුරවැසිභාවය නැතුව සංකාව වෙන්නැති. ඒකට හිත උණුවෙලා හොර දේශප්‍රේමියෝ 20ට පක්ෂ වුනාලු. මුල ඉඳන්ම කතා වෙලා හිටපු විදිහටම අඬන්න කියන්න ඇති. මුස්ලිම් ඡන්ද දෙන බව කලින්ම දන්නවා. හැබැයි රාවුෆ් හකීම්ට තිබ්බ කොන්ද සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ට තිබ්බේ නැහැ. දැන් මේක ගැන කතා කරලා වැඩක් නැහැ. හැබැයි අපිට තව දේවල් තියෙනව කරන්න.

:       29       120

pradeepa Thursday, 22 October 2020 05:32 PM

රිෂාඩ් දුන්නේ නැහැ. රිෂාඩ්ගේ ගෝලයෝ දුන්නා. හකීම් දුන්නේ නැහැ. හකීම්ගේ ගෝලයෝ දුන්නා. කොහොමද බැසිල්ගේ ගේම... දැන් විමල්ලාට කියන්න පුළුවන් එයාලා රිෂාඩ්ගේ ඡන්ද ගත්තේ නැහැ කියලා 69 ලක්ෂයේ බයියන්ට මෝඩ විනෝදයක් දෙන්න..

:       32       139

මාලිකාFriday, 23 October 2020 12:55 AM

ඔව්..., රිෂාඩ් නිදහස් කරන්ම බැසිල් ඩීල් එක හැහුවේ මේ විදියටයි. දැන් අපේ බයියලා කෑ ගහන කොට රිෂාඩ් දීලා නැහැනේ... වීරවංශගේ රඟපෑමත් කොහොමද? මහින්ද බොරුවට අකමැති වුනේ... හාමුදුරුවන් රවටන්න. ඉදිරියේදී නාමල්ට හදලා තියන්න මහින්දට ඕනේ... විපක්ෂයේ ගමගේ නෝනා ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නලු දුන්නේ. ජාතික ලැයිස්තුවෙන් පාර කපාගෙන තමන්ගේ පුද්ගලික දේවල් හදාගන්න ආණ්ඩුවට කත් අදින කෙනෙක් මෙයා. විපක්ෂය මෙයාගෙන් පරිස්සම් වෙන්න. අපේ හාමුදුරුවනේ ඊළඟට මොකක්ද ගන්න පියවර. මේ ලොක් ඩවුන් එකත් මහජනයා පාරට බහියි කියලා දාපු දෙයක්ද?

:       0       0

BamunuarachchiFriday, 23 October 2020 02:04 AM

එක කාලයක් කීව ප්‍රභාකරන්ට සල්ලි දීලා අගමැතිකම ගත්තා කියලා. ඒ ගමන්ම කීවා අලිමන්කඩ යනවා කියලා පාමංකඩ යනවා කියලා. දැන් කියනවා බදියුදීන්, හකීම් සහයෝගය දුන්නේ නැති වුණාට ගෝලයින් පක්ෂ වුණා කියලා. හලෝ මේ ඔක්කොම රාජපක්ෂවරුන්ගේ දක්ෂකම්... ඇලඩින් පහනෙන් වැඩ ගත්තාට වඩා 20න් ගෝඨාභය වැඩ ගන්නවා. ඔහෙලා කියව කියවා ඉන්න. ලොකාට කියන්න රෑට රෑට ඇවිත් බලන්න කියලා කොහොමද රටේ වැඩ වෙන්නේ කියලා. තාමත් මෙයාලගේ කටේ නරිවාදම ගිහිල්ලා නැහැ.

:       0       0

BamunuarachchiSaturday, 24 October 2020 03:42 AM

රිසාඩ් කියන්නේ වෙන පුද්ගලයෙක් ගෝලයෝ කියන්නේ වෙන පුද්ගල කොටසක් ඒ පුද්ගලයෝ අතරත් එකිනෙකා වෙනස්. හකීම් කියන්නේ වෙන පුද්ගලයෙක් ගෝලයෝ කියන්නේ වෙන පුද්ගල කොටසක් ඒ පුද්ගලයෝ අතරත් එකිනෙකා වෙනස්

:       1       0

chandima Thursday, 22 October 2020 05:34 PM

ඉන්දියානු බූවල්ලන්ගෙන් ගැලවී ලෝක බලවතුන් සමග සෘජු සම්බන්ධතා පිහිටුවා ගැනීමටත් වෙළ`ද කටයුතු පවත්වා ගැනීමටත් මෙය ඉවහල් වෙවා...

:       105       47

ChampaThursday, 22 October 2020 06:22 PM

හිනා යන ඒවා කියන්න එපා. ඇමරිකාවයි ඉන්දියාවයි වැඩ කරන්නේ එකට බව දන්නේ නැතුව ඇති. ඉන්දියාව ඇමරිකන් හිතවාදී වෙලා දශකයකටත් වඩා වැඩියි.

:       0       0

සෙනෙවිරත්න Thursday, 22 October 2020 10:04 PM

එහෙම හිතලා හිටියට වෙනදේ බලන්න...

:       0       0

Champa Thursday, 22 October 2020 06:19 PM

20ට විරුද්ධ වුණු හාමුදුරුවරු අතරින් විශේෂයෙන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ටයි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ටයි, පූජ්‍ය බෙංගමුවේ නාලක හාමුදුරුවන්ටයි මුළු මහත් සිංහල බෞද්ධ ජනතාවම වෙනුවෙන් මගේ ගෞරවය පිරිනමනවා. මේ හාමුදුරුවරු හුඟක් මහන්සි වුණා. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ආවේගයෙන් කතා කරනවා මම දැකලා තියෙනවා. නමුත් මේවර නම් ඊට වඩා වැඩි දෙයක් හාමුදුරුවන්ගේ තිබුණා. රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැවත ඉපදුණු අපේ මුතුන් මිත්තන්. 20 කිසි වෙනසක් කරන්නේ නැහැ කිව්ව උද්දච්ච ආණ්ඩුව තැති ගන්වලා, ආණ්ඩුවේ තටු එකින් එක කැඩුවේ රට වෙනුවෙන් ඉදිරියට ආපු මහා සංඝරත්නය. අනිත් තටු ඔක්කොම වැටිලා, ආණ්ඩුවට ඉතුරු වුනේ ජනාධිපති සහ අලි සබ්‍රි පෙනී හිටපු අං තට්ටුව විතරයි... :) මහා සංඝරත්නය තමන්ගේ ජීවිත ගැනවත් නොතකා කළ මේ උදාර මෙහෙයුම සහ මෙහෙවර ජනතාවට අමතක වෙන්නේ නැහැ. අපි දැක්කේ යටත් විජිත කාලේ සුද්දයි, සුද්දගේ බයිනෙත්තු හමුදාවයි තැති ගන්වමින් ඉංග්‍රීසි කොඩිය පාගල බිම දමපු වාරියපොළ සිරිසුමංගල හිමියන්ට තිබ්බ ශක්තියමයි. 20ට විරුද්ධව කළ විරෝධය නිසා මහා සංඝරත්නය සහ ජනතාව අතර අලුත් බැඳීමක්, අලුත් විශ්වාසයක් ඇති වුණා.

:       0       0

විජිත් Thursday, 22 October 2020 07:15 PM

ඉතිහාසය පුරාවටම ලෝකයේ සිදුවුන දේවල් අනුසාරයෙන්... මට මේ විදිහට හිතන්න සිදුවුණා.. ඇමෙරිකාවේ සහයෝගය ඇතිව ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ලස්සනට, හෙමිහිට කාටවත් නොදැනෙන්නම රාජපක්ෂලාගේ හිතවතා වන බ්‍රැන්ඩික්ස් හරහා අලුත්ම කොරෝනා කිලෝ ගණනක් ලංකාවට එවලා පැතිරෙන්න සැලැස්සුවා. ඒ ගොල්ලන් කතාවෙනවා...".. ලංකාවේ කොරෝනා පැතිරිලා ගියොත් රට ආර්ථික වශයෙන් අස්ථාවර වෙනවා. එතකොට ලංකාවේ පාලකයින් අපේ දෙපාළඟට ඇවිත් " හිඟමන් " ඉල්ලනවා. අන්න එතකොට අපිට පුළුවනි අපිට ඕනෑදේවල් ලියා ගන්න. ඒ වගේම වැඩේ ගැස්සුනොත් අපි ඒ ගොල්ලන්ව අරක්ෂා කරගන්නවා කියලත් කියලා රවටමු..."දැන් ආණ්ඩුව 20 ත් සම්මත කරලා ෆුල් ෆෝම් එකේ ඉන්නේ. බයියන්ටත් ජොලි... ඇටිකෙහෙල් කාපු උගුඩුවන් වගේ සද්ද නැහැ. මේ පිටුව පරිස්සම් කරලා තියාගත්තොත් ඔබට අනාගතයේදී ප්‍රයෝජනවත් වේවි... මේ " ඔව් " කියලා ඡන්දෙ දීලා තියෙන නරුම පාවාදෙන්නන් ගැන අනාගතයේ දවසක සිහියට නගාගන්න. අපේ රට අපිට නැතිවෙලා යන්න මොහොතකට කලින් හෝ අපි මේ පාවාදෙන්නන්ගෙන් පලි ගත යුතුයි.

:       0       0

Ashan Thursday, 22 October 2020 09:18 PM

තවත් ඒකාධිපති රටක් ලොවට බිහිකළ 69 ලක්ෂයට මගේ සුබ පැතුම්..!

:       0       0

සෙනෙවිරත්න Thursday, 22 October 2020 10:06 PM

මට දුක උන්නාන්සේලා ගැන. රට නැවතත් ජේ.ආර්. යුගයකට..

:       0       0

sidath Friday, 23 October 2020 12:21 AM

රටට සාපයක් වූ 2015 කොඩිවිනය මෙසේ කපා දැමූ වගයි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 October 2020 02:04 AM

ජනතාව වැඩි බලයක් දීලා රජය පත් කරගත්තේ වේදිකාවේ මොරදුන් දේශපාලන කථිකයන් කීදේ කෙරෙහි විශ්වාස කරලා. ඒත් ගම්මන්පිලලා, වාසුලා, දිනේෂ්ලා, වංශලා ඇතුළු අය බොරු සිංහ නාද... කව්ද මන්ත්‍රී කෙනෙකු කීවා වගේ බලු කෙඳිරිලි වෙලා. කෝ එයාලගේ බොරු, බේගල් දේශප්‍රේමය? කෝ අද එදා තිබූ අධිරාජ්‍ය විරෝධී අදහස්. මේවා නිකන් පුහු වදන් විතරයි. රඟපෑම් විතරයි. දැන් දැන් ඡන්ද දායකයන් මොනවා හිතනවා ඇද්ද? කෝ අර කඩේ ගිය චීවරධාරීන්... කෝ අර නර්ස් නොනාලාගේ එකම ගැලවුම්කරු. හැබැයි එක දෙයක් කිවයුතුයි. ජනපතිතුමාට රට ගැන පෙරදී සැබෑ වුවමනාවන් තිබුණා. පසුව එයට වෙනත් බලවත් අය බාධා කළා. එතුමාට දැන් බාධා නැහැ. සමහරවිට එතුමා නිසිලෙස රට හදාවිද දන්නේ නැහැ. එසේ වුණොත් මුළු රටම එතුමාට කැමැති වේවි. එහෙම වුනොත් කෙතරම් අගනේද...?

:       0       0

Buddika Friday, 23 October 2020 03:12 AM

විපක්සයේ ඉඳගෙන ඡන්දෙ දුන්නු මිනිස්සුන්ගේ මතයට ගරහමින් සල්ලි මලු, වරප්‍රසාදවලට කාලකණ්ණි පිරිසක් 20ට ඡන්දෙ දීලා. මේ ඔක්කොම කාලකණ්ණි. 69 ලක්ෂයක් රාජපක්ෂලාට ඡන්දෙ දුන්නේ එක පවුලක් රජකරන්න නේද? දැන් සැපද?

:       0       0

rana Friday, 23 October 2020 04:52 AM

මේකද මෙ? තුප්පහි සිංහලයා ! හම්බයාට දණ ගහුවනෙ ?

:       6       20

Rata Perata Friday, 23 October 2020 06:36 AM

රට රකින විරුවා හාමුදුරුවන්ටත් පිටුපෑවා. රටත්, සිංහලයාත්, බුදුදහමත් ඉවරයි. දැන් ඉතින් චීනං සරණං තමයි ඉතින්...

:       0       8

BamunuarachchiSaturday, 24 October 2020 03:49 AM

එකට කමක් නැහැ වෙච්චදේ ප්‍රතිලප තව අවරුදු 4 කින් හාමුදුරුවරුන්ට බලා ගන්න පුළුවනි. එතකොට හාමුදුරුවරු කියයි ඔයටික ජනාධිපති බලයට එනකොටම කලානම් මේ වෙනකොට ලොකු වැඩ කොටසක් රටට වෙලා කියලා. එත් මට හොඳටම ෂුවර් අවුරුදු 4 ඉවර වෙනකොට අලුත් ව්‍යවස්ථාවෙන් ඊළඟ එන ජනාධිපතිට ඔය බලතල එකක්වත් ඉතුරු නොවන බව.

:       0       0

Citizen Friday, 23 October 2020 08:16 AM

මෙයා පත්වෙලා ආවේ ජාතික ලැයිස්තුවෙන්... ගොඩක් සුදුසුකම් තියෙන අය ඉන්දැද්දි මෙයාව ලිස්ට් එකට දැම්මේ ඇයි කියලා ගොඩක් දෙනෙක් ඇහුවා. සජිත්ගේ දේශපාලන දැනුම ගොඩක් මදි පාර්ලිමේන්තුවේ වැඩ කරගන්න. ඒක එයාගේ කතාවෙන් තේරුණා. එයා ඉම්තියාස් බාකීර් මාකර්ගෙන් දැනුම ගත්තා නම් හරි පරිණතව කතා කරන හැටි ගැන හා වැඩ කරන හැටි ගැන... මේක බැසිල් දුර දිග බලලා ගහපු ගේම් එකක ප්‍රතිඵලයක්... පක්ෂ කුලියට අරගෙන හරියට ඩීල් කරේ නැතිවුණාම ඔහොම වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැති බර වචන කතාකරලා තමන් උගත් කියලා පෙන්නන එක නවත්තලා අත්වල ස්ටිකර් අලවාගෙන ඇමෙරිකන් කොඩිය පාර්ලිමේන්තුවට ගෙනල්ලා කරන ළදරු ගොන් පාර්ට් නවත්තලා ඉන්න ඉතුරු ටික හරි තියාගන්න බලන්න කියන එකයි සජිත්ට මට නම් කියන්න තියෙන්නේ.... ඕක තමයි ඇත්ත.

:       0       0

kithsiri Friday, 23 October 2020 08:23 AM

විජිත් මහත්මයා සහතික ඇත්ත කියලා තියෙනවා. ඔය දුශ්ශීල චීවරධාරීන් මැරෙන්නේ අනන්තවත් දුක්විඳලා. බුදුන්ගේ නම පෙන්වමින් සිවුරට මුවාවෙලා දේශපාලනය කරපු ජූජක බමුණන් අවසානයේදී නිරයේ තමයි නවතින්නේ... සර් ජෝන් කොතලාවල මහත්මයා වරක් කීවා දුස්සීල හාමුදුරුවන්ගේ තට්ටේ තාරගාන්න ඕනෑ කියලා... එ්ක වැරදියට වටහාගත්ත මෝඩ සිංහලයින් එතුමාව පැරද්දුවා. අද ඉන්න දුශ්ශීලයින්ගේ තට්ටේ තාර නොවෙයි අසුචි ගාන්න වටිනවා... අපේ රට පාවාදෙන්නන්ට උදව්කළ නිසා...

:       0       0

siri Friday, 23 October 2020 08:55 AM

"ශත වර්ෂයේ හොඳම ගනුදෙණුව කලේ පක්ෂය සජිත්ට විකුණලා ඡන්දය රාජපක්ෂලාට විකුණපු කෙනායි" කියලා කවුදෝ කියනවා ඇහුණා. තමන්ගේ අභිප්‍රාය ඉටුවුනේ නැති තරහට වෙන්න ඇති එහෙම කියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා
2025 මැයි මස 02 253 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 401 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 272 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 500 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 796 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2521 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1149 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site