IMG-LOGO

වසර 15කට පෙර සැලසුම් කළ ෆෝඩෝ ප්‍රහාරය

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන න්‍යෂ්ටික වැඩසටහෙන් ප්‍රධානතම සාධකයක් වන ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කර දැමීමේ ප්‍රහාරය යොදාගත් අවි සහ සැලසුම නිර්මාණය කිරීමට ඇමෙරිකාව වසර 15 ක් වැයකළ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කර දැමීම සඳහා ඇමෙරිකාව බංකර් බස්ටර් නැමැති රාත්තල් 30000 ක් බරැති භූගත කඳවුරු විනාශ කර දැමීමේ හැකියාව තිබෙන අධිබලැති බෝම්බ භාවිත කර තිබිණි,

ඇමෙරිකානු හමුදා ඉතිහාසයේ සංකීර්ණතම මෙන්ම රහසිගතම මෙහෙයුම සඳහා ජනපති ට්‍රම්ප් අණදුන් බවත් එය අතිශය සාර්ථක වූ බවත් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් මහතා ප්‍රකාශ කළේය. එම මෙහෙයුම දින 12 යුද්ධය අවසන් කරමින් සටන් විරාමයකට මාර්ගය සකස් කළ බවද ඔහු පැවැසුවේය.

මෙහෙයුමෙන් ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් විනාශ කර දැමුණු බවත් සටන් විරාමය සඳහා කොන්දේසි නියම කිරීමට මෙහෙයුම මාර්ගය විවර කළ බවත් හෙග්සෙත් ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ගුවන් හමුදා ජෙනරාල් ඩෑන් කේන් ප්‍රකාශ කර සිටියේ, ඇමෙරිකාවේ ආරක්ෂක තර්ජන අඩු කිරීමේ ඒජන්සියේ නිලධාරීන් දෙදෙනෙකු ප්‍රහාර එල්ල කිරීමට පෙර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන අධ්‍යනය කර තිබූ බවත් ඉරානය න්‍යෂ්ටික අවි තැනීම සඳහා යුරේනියම් බලගැන්වීමට එම මධ්‍යස්ථාන ඉදිකර තිබූ බවත්ය. ආරක්ෂක තර්ජන අවම කිරීමේ ඒජන්සිය, ටෙහෙරානයේ සිට සැතපුම් 60ක් පමණ දකුණින් පිහිටි ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වැනි භූගත ඉලක්ක පිළිබඳ ලොව ප්‍රමුඛතම විශේෂඥයා බව කේන් පැවසීය.

 



අදහස් (0)

වසර 15කට පෙර සැලසුම් කළ ෆෝඩෝ ප්‍රහාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 221 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site