IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වසර පහක් කට්ටිපැන්න අපරාධකරුවෙක් පොලිස් දැලේ

(යොහාන් භාසුර සහ සමන් කාරියවසම්)

තරුණයකුගේ ගෙළ කපා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවී පානදුර මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළ වසර පහකට ආසන්න කාලයක් අධිකරණය මගහැර  සිටි අපරාධකරුවකු හලාවතදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් චින්තක මධුභාෂණ නැමැත්තා පානදුර මහාධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

අදාල පුද්ගලයා 2020 වසරේ සැප්තැම්බර් මස සිට අධිකරණය මගහරිමින් හලාවත ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ පොල් වත්තක් මිලට ගෙන එහි ජීවත්ව ඇති බවත් සැකකරු නොමැතිව නඩු විභාගය පවත්වා පානදුර මහාධිකරණය ඔහු වරදකරු කරමින් පසුගිය ජනවාරි මස 31 වැනිදා මරණ දඬුවම නියම කළ බවත් පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයා හලාවත ප්‍රදේශයේ ජීවත් වන බවට මෑතකදී පිහිටුවූ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරකට හලාවත පොල් වත්තේදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් සැකකරු මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු වීම නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කීය.

 



අදහස් (0)

වසර පහක් කට්ටිපැන්න අපරාධකරුවෙක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site