
(විමුක්ති එස් රුද්‍රිගු)
තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටියකු පිළිබඳ පුවතක් රුසියාවෙන් වාර්තා වේ.
එලෙස බොරිස් කිලෝ මීටර් 200 ක දුරක් ගෙවා සිය පෙම්වතිය වූ ස්වෙට්ලායා වෙත පැමිණීමෙන් මාස 6 කට පසුව ඔවුන් දෙදෙනාගේ ආදරය පළ දරා ස්වෙට්ලායා කොටි පැටවුන් කීපදෙනෙකුද බිහිකර ඇතැයි පැවැසෙයි. බොරිස් සහ ස්වෙට්ලායා කුඩා කළ දෙදෙනාගේ දෙමව්පියන්ගේ වෙන්වී රුසියානු සික්හොටේ ඇලින් කඳුවැටියේ අතරමන්ව සිටින විට 2012 වසරේදී සත්ව සංරක්ෂකයින් පිරිසක් විසින් මුදා ගනු ලැබ ඇත.
පසුව ඔවුන් දෙදෙනා අවම මිනිස් සම්බන්ධතාවය සහිත සංරක්ෂණ වැඩසටහනකට ඇතුළත කර ඇති අතර ඔවුන්ට මාස 18 දී නැවත වනාන්තරයට මුදා හැරීම ව්‍යාපෘතියේ අරමුණ වී තිබිණි. එහිදී මාස 18 වනතෙක් බොරිස් සහ ස්වෙට්ලායා එකට හැදී වැඩි තිබේ. අනතුරුව 2014 වසරේදී කොටින්ගේ ඓතිහාසික වාසස්ථානයක් වන රුසියාවේ සික්හොටේ ඇලින් කඳුවැටියට බොරිස් සහ ස්වෙට්ලායා සාර්ථකව මුදා හැර ඇත.
මුදා හැරීමේදී සිටිනා තැන දැන ගැනීමට හැකිවන පරිදි ඔවුන්ව මුදාහැර ඇතත් දෙදෙනාව එකම තැනකට මුදාහැර නොමැත. දෙදෙනා අතර කිලෝ මීටර 200කට ආසන්න දුරක් සිටින පරිදි බොරිස් සහ ස්වෙට්ලායා සික්හොටේ ඇලින් කඳුවැටියේ ස්ථාන දෙදෙකට මුදා හැර තිබිණි.
සයිබීරියානු කොටි ගහණය වර්ධනය කිරීමේ අරමුණින් එලෙස ස්ථාන දෙකකට මුදා හැර ඇතත් බොරිස් අනිකුත් කොටි ධේනුවන්ට උනන්දුවක් දක්වා නොමැති අතර ඔහුට වෙනත් සැලසුමක් තිබී ඇත. මුදාහැරි අවස්ථාවේ සිට බොරිස් අසාමාන්‍ය චලන රටාවක් පෙන්නුම් කර ඇති අතර ඉන් සත්ව සංරක්ෂකයන්ගේ කුතුහලය ඇවිස්සී තිබිණි.
මුදා හැරී අවස්ථාවේ සිට බොරිස් කෙළින් ගමන් කර ඇති අතර එය කාගේත් විමතියට හේතුවී ඇත. බොරිස් සිය පෙම්වතිය වූ ස්වෙට්ලායා මුණගැසෙන තෙක් අධිෂ්ඨානයෙන් යුතුව කෙළින් ගමන් කර ඇති අතර අවසානයේදී ඔහුට ඇයව මුණගැසී තිබිණි.
මෙම අමරණීය සයිබීරියානු කොටි ආදරය පිළිබඳ සත්ව ලෝකය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද කා අතරත් කතා බහක් ආරම්භ වී ඇත.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර තුනක් ප්‍රේමය සොයා ගිය බොරිස්
මංගල Monday, 16 December 2024 04:03 PM
මිනිස්සු විදියට ආදරෙන් හදාවැඩුවත්, පැටවු දෙන්නා හිටි වග අමතක කර අවසානයේ වෙන් කිරීම අමානුෂික බව වැටහෙන්න නැතුව ඇති. කොහොම වුණත් ස්වභාව ධර්මය ඒ දෙන්නට එක් වීමට අවස්ථාව දුන්නා. මේක හොඳ පාඩමක්.