IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් දහසක් හදන තැනක් හදයි

(අංජුල මහික වීරරත්න)

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට  අවශ්‍ය ඉදිරි  සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

 කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ  ලක්ෂ 280 ක මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ මෙම ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහල ඖෂධ ගබඩාවකට සරිලන පරිදි ඉදිකර ඇති අතර පළමු මහල දේශන ශාලාවකට යෝග්‍ය වන පරිදි නිර්මාණය කර ඇත. දේශණ ශාලාව තුළ එකවර 200 කට පහසුවෙන් දේශණවලට සවන්දීමේ හැකියාව පවතී.

 

 



අදහස් (3)

වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් දහසක් හදන තැනක් හදයි

nimesh Friday, 07 March 2025 02:55 PM

කරුණාකර නියාමනයක් ඇතිව පුද්ගලික වෛද්‍යවිද්‍යාල ඇති කරන්න. දොස්තර අධිකාරිය අහෝසි නොකර සෞඛ්‍ය සේවය හදන්න බෑ. රටට ඩොලර් ඉතුරු කරන්න. ආසියාවෙ සියලුම රටවල් දන් දැන් පුද්ගලික වෛද්‍ය විදායල දානව.

:       0       6

Siri Friday, 07 March 2025 03:08 PM

යුරෝපයේ ඇමෙරිකාවේ රෝහල් සේවාවන්ට තවත් පොට්ට චාන්ස් එකක් ලැබෙන්නයි යන්නේ. අපි පිනට පුහුණු කරනවා. ඒගොල්ලෝ රස්සාවල් වලට බඳවා ගන්නවා. හරි ෂෝක්

:       0       3

ගුණරත්න Saturday, 08 March 2025 08:22 AM

දැනටත් හෙදියන්, පරිපූරක වෛද්‍යය නිලධාරීන් සහ වෛද්‍යවරුන් දාහකට වඩා අවුරුදු පතා පුහුණු වී පැමිණෙනවා, එක අමුතු දෙයක් නෙවෙයි. මොරටුව විශ්ව විද්‍යාලයෙනුත් දැන් වෛද්‍යවරු පුහුණු කරනවා. එත් මේ පාන්කඩ වැඩබැරි මලිමාවුන් කරන්නේ ඒ පුහුණු නිළධාරීන්ට ඉන්න බැරි කරවන එක මිසක් මෙහෙ ආකර්ශනීය කරන එක නෙවෙයි.

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site