IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වසරකට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් බදු අපතේ

(අංජුල මහික වීරරත්න)

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී පැවසීය.

දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙලේ සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (6)

වසරකට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් බදු අපතේ

පිටරටවැසියා Monday, 20 May 2024 01:07 PM

දැන් ලංකාවේ බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකනු ඩොලර් මිලියන කීයක් ලෙසද ගණන් බලා තියෙන්නේ...? ඒවා අයකරගන්න ගෙනඇති නිසි ක්‍රියාමාර්ග සහ අයකර ගැනීමට නියමිත කාල වකවානුත් ජනතාවට හෙළිකලොත් නේද වඩාත් හොඳ සහ රටට යහපත් වෙන්නේ?

:       3       69

අරවින්ද මොනරවිල Monday, 20 May 2024 01:16 PM

ඒක හින්දා ලංකාවේ එවුනුත් බදු පැහැර ඇරියට අවුලක් නැද්ද ලොක්කා......

:       7       36

Chandima Monday, 20 May 2024 01:26 PM

අපේ බදු මුදල් වියදම් කරගෙන මේ හදිස්සේ ගියේ ඔය ටික කියන්නද?

:       25       21

sena Monday, 20 May 2024 02:18 PM

ලෝකේට බන දෙසනවා ලංකාවේ බදුවත් අය කර ගන්නේ නැතුව.

:       14       19

PATTA hora Monday, 20 May 2024 03:31 PM

ලංකාවේ මහ බැංකබැංකු අධිපති එක්ක එකතු වෙලා, තමුන්ගේ හිත මිතුරු හොර ව්‍යාපාරිකයන්ගේ බිලියන ගණනක් බදු අය නොකරන, බිලියන ගණනක් රාජ්‍ය බැංකු වලින් දීපු ණය බොල් ණය හැටියට කපාහැරපු එකා ලෝකෙට දේශනා කරනවා බදු මුදල් අපතේ යනවා කියලා.

:       21       16

chandima Monday, 20 May 2024 06:56 PM

ලංකාවේ ගෙවන්නේ නැති බදු අයකරගන්නා හැටි දන්නේ නැතුව ලෝකෙට උගන්වන්න යනවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site