
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් කුඩා ලොරි රථයක් අද අළුයම 5.45 ට පානදුර වලාන ප්‍රදේශයේදී පෙරළී යාමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු දස දෙනකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කොළඹ වෙසක් සිරි නරඹා මතුගම බලා යාම සඳහා පානදුර දෙසට පැමිණෙමින් සිටි ලොරි රථය අඩි තිහක් පමණ උස විදුලි කණුවක සහ යකඩ වැටවල් දෙකක ගැටි පෙරළීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර වන අවස්ථාවේදී කුඩා ලොරියේ පුද්ගලයන් 17 දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය කියයි.
සිදු වූ අනතුරක් සමගම පානදුර වලාන ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇත.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් මතුගම කෙලින්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙසක් බලා රෝහලටත් යයි
pakeer Sunday, 07 May 2023 10:34 AM
මෝඩ මිනිස්සු... මේ වගේ ගොන්නු නිසා තමයි රනිල්ලා, මහින්දලා වගේ අපතයින් බයිලා කියවන්නේ රටේ ආර්ථිකය ගැන..