IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විශේෂ නියෝග විස්සක් හෙට මැතිසබයට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විශේෂ  නියෝග විස්සකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ  අනුමැතියට හෙට (6)  ඉදිරිපත් කෙරේ.

මෙසේ ඉදිරිපත් කෙරෙන්නේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග, වෙළෙඳ නැව් පනත යටතේ නියෝග 13 ක් සහ නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු  ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝගයන්ය.

මෙම විවාදය  පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පැවැත්වේ.

පාර්ලිමේන්තුව හෙට (6) සිට ලබන 9 වැනිදා  දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටළු පිළිබඳ සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය ලබන 7 වැනිදා පැවැත්වේ.

හෙට (ජූනි 7 වැනි බදාදා) හැර අන් සෑම දිනකම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වෙන් කරනු ලැබ ඇත.

ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත, 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග, ආගාමික හා විගාමික පනත යටතේ නියෝග ලබන 8  වැනිදා බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

ඉන්පසු විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා හතක් විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතය.

එසේම  රටේ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර  මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීම සඳහා වූ යෝජනාවද ඉදිරිපත් කිරීමට නියමිතය.

පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ලබන  9 වැනි දා සිකුරාදා විවාදයට ගැනේ.

ඒ අනුව  රජයේ සියලු ආයතන රජය සතු ගොඩනැගිලිවල ස්ථානගත කිරීම සම්බන්ධයෙන්  චමින්ද විජේසිරි මහතාගේ යෝජනාවද  වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම  සම්බන්ධයෙන්  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ යෝජනාවද ,  සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් කිංස් නෙල්සන් මහතාගේ යෝජනාව සහ දරුවන්ගේ ‍සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම  පිළිබඳ  රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ යෝජනාවද මෙසේ විවාදයට ගැනෙනු ඇත.



අදහස් (0)

විශේෂ නියෝග විස්සක් හෙට මැතිසබයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site