(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙනම විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම වැදගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා යෝජනා කළේය.
රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
අමරතුංග මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීය.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශද එම කමිටුව හමුවේ එහිදී ඉදිරිපත් කෙරිණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විශ්වවිද්‍යාල කොමිසමේ නිර්දේශ මැතිසභයට බාරදෙයි
ලුම්බිණි Wednesday, 15 March 2023 01:21 PM
පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙනම විශ්වවිද්‍යාලයක් පුද්ගලික අංශයට පටන් ගන්න කියලා රජය පහසුකම් දෙන්න.
ravin Wednesday, 15 March 2023 02:57 PM
ඔය වාර්තාව පිස්සන් කොටුවට දුන්නා නම් ඔයිට වැඩිය ප්‍රතිඵල ලබාගන්න තිබුණා. ඔය දුන්නු කට්ටිය බලන්නේ, උනුන්ගේ පැවැත්ම පිළිස උගතුන් නැතිකිරීම මිස ඇති/ වැඩි කිරීම නොවේ..
KusumsiriWednesday, 15 March 2023 03:37 PM
රවින් මහතාගේ අදහසට මමත් එකඟයි. මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සුද මන්දා...? පරිගණක තාක්ෂණයට පමණක් වෙනම වී විද්‍යාලයක්...? එහෙම නම් අනෙකුත් ක්ෂේත්‍ර වලත් මේ වැඩේම කරමුද? ඔය උන්නැහේ හැම දේශපාලකයාටම හිටගෙනම කඩේ ගියහැටි කවුරුත් දන්නවනේ... උසස්පෙළ ටියුෂන් ගුරුවරුන්ට සම්මාන දුන්නු මේ වගේ මිනිස්සු කොහොමද රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේ? තමන්ගේ බඩ වඩාගන්න ක්‍රමයක් හොයනවා මිසක්කා...
Samitha Senaka Aluthgamage. Wednesday, 15 March 2023 04:52 PM
මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ උත්සාහය සාර්ථක වේවා ... අදාළ ක්ෂේත්‍රයේ ඇතිවෙන හා ඇතිවී තිබෙන දෙස් විදෙස් රැකියා සඳහා මෙය හොඳ අවස්ථා උදා කරාවි.