IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව ඉහළට

( තිළිණි ද සිල්වා )
 
මෙරට විශ්‍රාම වැටුප් ලබන ජනගහනය හය ලක්ෂයේ සීමාව ඉක්මවා ඇතැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවල සදහන්ව ඇත.


ඒ අනුව 2017 වසර අවසාන සංඛ්‍යාලේඛනවලට අනුව එම ප්‍රමාණය 600,867 ක්වූ අතර මේ වසරේ ජනවාරි සිට  ඔක්තෝබර් මාසය අවසානයේ දී එය 614,288 ක් දක්වා වර්ධනය වී තිබෙන බව එම දෙපාර්තමේන්තු වාර්තා වල සදහන් වේ.


මේ අතර 2017 වසර තුළ දී විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ගෙවා ඇති විශ්‍රාම වැටුප් හි සමස්ත වටිනාකම රුපියල් බිලියන 181 කි.


2018 ඔක්තෝබර් මාසය තුළ දී විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් බිලියන 15 ක් ලෙසින්ද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්ව ඇත.

සමස්ත විශ්‍රාම වැටුප් ලබන ජනතාවගෙන් සියයට 21.9ක් රු. 30,000 ට වැඩි වැටුපක් ලබන බවත්, සියයට 41.1ක්   රු. 20,000 ත් රු. 30,000 ත් අතර වැටුපක් ලබන බව සහ තවත් සියයට 37.1ක් ලබන වැටුප රු. 20,000 ට වඩා අඩු බවත් මෙම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.



අදහස් (0)

විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site