IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විශ්‍රාමික හමුදා නිලධාරීන් රුසියානු යුද්ධයට යවන්නන් ගැන තොරතුරු සොයයි

(ගයාන් සූරිය ආරච්චි)

ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාවික හමුදාව පවසයි.

යුද්ධ භූමියේදී බරපතල තුවාල ලබා ඉතාමත් අසරණව සහ කිසිදු හව්හරණක් නොමැතිව ඉන් සමහරක් එහිදී මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ  තොරතුරු තිබේනම්, නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක 0117192142 හෝ 0117192250 යන අංකයන් වෙත තොරතුරු ලබාදෙන මෙන්  නාවික හමුදාව ඉල්ලා සිටියි.

 



අදහස් (3)

විශ්‍රාමික හමුදා නිලධාරීන් රුසියානු යුද්ධයට යවන්නන් ගැන තොරතුරු සොයයි

Bunny Preena Wednesday, 08 May 2024 09:17 AM

තණ්හාව ශෝකයට මුල වේ

:       1       7

Saman Dissanayake Wednesday, 08 May 2024 10:34 AM

රට යවන්නන් ගැන හොයනවාට වඩා විශ්‍රාමික හමුදා සාමාජිකයින් මෙවනි රුසියා හෝ යුක්‍රේන් ඉදිරි අරක්ශක වලල්ලට යන්න හේතු සොයා බලන්න ඕනෑ. පවතින අර්තික තත්වේ අනුව ඔව්න්ට ලැබෙන සොච්චම් පෙන්ශන් එක මදි නිසාත් හමුදාවල සිටියදී කිසිම රැකියා පුහුනුවක් නොදි එළියට දැමීමේ පල විපාක නිසා අද ඒ අය ජීවිතේ ගැනවත් තකන්නේ නැතිව අඹු දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් දුක්විඳිනවා. කෙලෙහි ගුණ දන්නේ නැති රටක් මේක. කිසිම සැලැස්මක් නැතිව හමුදාවලට බඳවාගෙන අවුරුදු 22 න් එළියට දානවා. එක්කෝ security, එක්කො පාතාලය, එක්කෝ රටවල කුලී හමුදාවල රැකියා තෝරා ගන්නවා. හරිම ඛේදජනකයි.

:       0       4

Saman Dissanayake Wednesday, 08 May 2024 11:39 AM

රට යවන්නන් ගැන හොයනවට වඩා විශාමික හමුද සමජිකයන් මෙවැනි රුසියා හො යුක්‍රේන් ඉදිරි ආරක්ශක වලල්ලට යන්න හේතු සොය බලන්න ඕනි. පවතින ආර්ථික තත්වෙ අනුව ඔවුන්ට ලෑබෙන සොච්චම් පෙන්ශන් එක මදි නිසාත්, හමුදාවල සිටියදි කිසිම රෑකියා පුහුනුවක් නොදී එලියට දැම්ම පල විපාක නිසා, අද ඒ අය ජීවිතෙ ගැනවත් තකන්නෙ නැතිව තමුන්ගේ දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් දුක්විඳිනවා . කෙලෙහි ගුණ දන්නෙ නැති රටක් මේක . කිසිම සැලැස්මක් නැතිව හමුදා වලට බඳවාගෙන අරුදු 22 න් එලියට දානවා . එක්කො security, එක්කො පාතාලය ,එක්කො රටවල කුලී හමුදාවල රැකියා තෝරා ගන්නවා. හරිම ඛේදජනකයක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site