IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විශ්‍රාමිකයන්ට 2500ක් දෙන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජය විසින් වරින් වර සිදු කරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම් වල විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇතැයි රජය පවසයි.

ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි වේ. 

එම විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප 2016-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන අංක 1 අනුව සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500 ක වැඩි වීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

 



අදහස් (6)

විශ්‍රාමිකයන්ට 2500ක් දෙන්න කැබිනට් අනුමැතිය

අසාධාරණ Tuesday, 06 August 2024 11:11 AM

එතකොට ඊටත් ඉස්සෙල්ලා විශ්‍රාම ගත්තු අයට වෙලා තියෙන දේ තේරුම් ගන්න හැකියාවක් නැද්ද .ඒ අය තමයි විෂමතා නිසා වැඩියෙන්ම අසාධාරණයට ලක්වෙලා තියෙන්නෙ. 1994 චන්ද්‍රිකා ආණ්ඩුව හා මහින්ද ආණ්ඩුව 2006 ඇතිකල විෂමතා බරපතළ ආකාරයට වැටුප් ප්‍රශ්න ඇතිකලේ .සමහරක් අයට දේශපාලන හිතවත් කමට පුද්ගලික වනසේ වැටුප් ලබා දීමෙන් තමයි 2015 යහපාලනය කාලයේ හිටපු මුදල් ඇමතියා දැන් සුදනා වගේ කතා කරනවා වුනත් කටයුතු කලේ මහින්ද 2006 කලාවගේ 1994 ට පෙර සේවයේ සිටි අයට අසාධාරණයක් වෙන ආකාරයටම තමයි. රවියා මුදල් ඇමති හැටියට 2016 ට පස්සෙ විශ්‍රාම ලැබූවන්ට අග්‍රහාර දුන්නා පෙර හිටපු එවුන් වන අපිට දුන්නෙ නැහැ .දැන් වැටුප් අපේ විශ්‍රාම වැටුප් විෂමතාවය කොතරම්ද කිවහොත් ඒ කාලයේ අප සමග සේවයේ සිටි කාකාස කෙනෙක් රජයේ විධායක මට්ටමේ සිටි අපිට වඩා බොහොම ඉහළ විශ්‍රාම වැටුප් ගන්නවා

:       0       11

W.N.sirisena.සෙ.දෙපාර්ථමේන්‍තුව Tuesday, 06 August 2024 01:52 PM

අවු:30ක් සේවයක් කරලාත් මට ලැබෙන්නේ රුපියල් 32,000 ක් පමණයි.ඕකයි.අසාධාරණය.

:       1       5

වන්නකු Tuesday, 06 August 2024 02:10 PM

කලින් කිව්වෙ නං 3000/= කියලා නේද?

:       1       3

පවිත්‍රා Tuesday, 06 August 2024 04:26 PM

අවුරුදු 27ක් සේවය කරලා මට ලැබෙන විශ්‍රාම වැටුප 31,000/-යි. මගේ ලග සේවය කරපු සුළු සේවකයෙක් මට වඩා වැඩි විශ්‍රාම වැටුපක් ගන්නවා. ඇයි මේවා විෂමතා නොවෙයිද? කාට කියන්නද?

:       0       1

එස් සමරවික්‍රම Tuesday, 06 August 2024 04:35 PM

2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ එක් එක් අයගේ විශ්‍රාම ලිපිවල සඳහන් කර තිබූ මුදල් කපා දැමීම සිදුකෙරේ... මසකට රුපියල් 10000 හා 20000 වැනි විවිධ අගයන් මත දැන් උපරිමයෙන් 2500 දීලා විශ්‍රාමික ප්‍රජාව ඇන්දවීමට යන්නේ විපක්ෂ නායකයින් මෙම වෘත්තීමය ප්‍රශ්නය පිළිබඳව අධ්‍යයනය කොට ස්ථිර විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි...

:       0       0

Srinath Tuesday, 06 August 2024 10:20 PM

මේවාට රැවටිලා ඡන්දෙ දෙන්නේ එක්කෝ පිස්සෝ. 70 පැනපු මැන්ටල් වුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site