(විමුක්ති එස් රුද්‍රිගු)
විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අපරාධය ඊයේ (01) උදෑසන 10 ට පමණ සරාන් දිස්ත්‍රික්කයේ පුද්ගලික වෛද්‍ය මධස්ථානයක් තුළදී සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි වෛද්‍යවරිය බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචිකාරිණියක් බවත් ඇය සමඟ අපරාධය සඳහා භාවිත කර ලේ තැවුරුණු පිහියද පොලිස් බාරයට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
තුවාල ලැබූ පුද්ගලයා වහාම රෝහල් ගත කර ඇති බවත් ඔහු මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය. එසේම සැකකාරිය රඳවා ගනිමින් පොලිසිය ප්‍රශ්න කරන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.
වෛද්‍යවරියක් බව පවසන මෙම 26 හැවිරිදි කාන්තාව සහ පහරකෑමට ලක්වූ 30 හැවිරිදි පිරිමි පුද්ගලයා වසර දෙකක කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත් විවාහ වීමට කැමැත්ත විමසු අවස්ථාවේ පිරිමි පුද්ගලයා ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රශ්න කිරීම්වලදී සැකකාරිය ප්‍රකාශ කළ බව බිහාර් පොලිසිය පැවැසුවේය.
එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකළ බව සැකකාරිය ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කළ බවද බිහාර් පොලිසිය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විවාහ වෙන්න බෑ කී වැයි අමානුෂික දඬුවමක්
ලසන්ත Tuesday, 02 July 2024 01:08 PM
දැන් ඉතිං වෙන කෙනෙක් එක්කත් බෑ, මෙයාම එක්කත් බෑ. අනිච්ඡෙ දුක්ඛේ සංසාරේ!
Pradeep Kumara Tuesday, 02 July 2024 01:11 PM
මට වැඩක් ගන්න බැරිනම් මොකටද වෙන එකියකට වැඩක් ගන්න ඕක ඉතුරු කරන්නේ කියලා වෛද්‍යවරියට හිතෙන්න ඇති.