IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වේවැල්දෙනියේ අනතුරකින් 3ක් මරුට

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ චමින්ද වැවතැන්න)

කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී අද (12) දහවල් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි දංඕවිට  පොලිසිය කියයි .

මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර ගෙලිඔය  පදිංචිව සිටි 60 හැවිරිදි ජමාල්දීන් මොහොමඩ් නසාර්,  64 හැවිරිදි මොහොමඩ් හෂිම් සිත්ති මිස්රියා සහ මාස 4 ක් වයසැති පිරිමි දරුවකු වන මොහොමඩ් රම්ලාම් මොහොමඩ් රිෂ්නාප් නැමැති තිදෙනාය.

තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත.

වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගුරුවරියක ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ විද්‍යාලයක වසර 5 ක පමණ කාලයක සිට සේවය කරන බවත් ඇයට මාස හතරක පිරිමි දරුවෙක් සිටින බවත් පොලිසිය පැවසීය.

මාස හතරක කුඩා දරුවකු සිටින නිසා  ගම්පොළ සහිරා විද්‍යාලයට මාරු වීමක් ලබා ගැනීමට මාස හතරක අත දරුවා අවුරුදු 5 ක පිරිමි දරුවා පවුලේ පිරිසක් සමග බත්තරමුල්ල ඉසුරුපායට  ගොස්ස්ථාන මාරුව හදාගෙන ඇති ගුරුවරිය ඇතුළු පිරිස ආපසු සියලු දෙනා යලි මුරුතගහමුල නිවස දක්වා ගමන් කරමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.

දංඕවිට පොලිස් වසමේ වේවැල්දෙනිය ප්‍රදේශයේ දී 12.30 ට පමණ මාර්ගය පිටත නතර කර තිබුණු ලොරි රථයක ත්‍රීරෝද රථය ගැටී හය දෙනාම තුවාල වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණු බවත් පොලිසිය පැවසීය.

වරකාපොළ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ගුරුවරියගේ ඇකයේ සිටි බිළිදා ඇතුළු තිදෙනෙක් මිය ගොස් සිටි බවත් සෙසු තිදෙනා හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණ.

ගුරුවරිය තුවාල ලබා වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර 26 හැවිරිදි මොහොමඩ් ෂාරුක් සිත්ති පරීනා නැමැති කාන්තාව බරපතල තුවාල හෙතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.



අදහස් (1)

වේවැල්දෙනියේ අනතුරකින් 3ක් මරුට

විපරමා Monday, 12 August 2024 03:47 PM

හැමදාම බැලුවොත් රිය අනතුරු. අඩුවක් නම් පේන්න නැහැ. මේවාට විසඳුම් ඇත්තේම නැද්ද?

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site