IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වවන්න බැරි කුඹුරුවල පොල් වවන්න අවසර

(ඩයනා උදයංගනී)

වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට රට තුළ පොල් පැළ හිඟයක් පවතින නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 05ක් බැගින් ලබා දී පොල් පැළ තවාන් ආරම්භ කිරීමටත්, වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමටත් අවසර ලබා දීමේ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වගකීම වැවිලි අමාත්‍යාංශයට පමණක් බාර නොදී සෑම අමාත්‍යාංශයක්ම තමන්ට ලබා දී ඇති මුදල් උපයෝගී කරගෙන මෙම වැඩ පිළිවෙලට සහය දෙන ලෙස මුදල් අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති ‘දේශගුණීක විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ’ ප්‍රධාන කමිටු රැස්වීම අමතමිනි. 



අදහස් (5)

වවන්න බැරි කුඹුරුවල පොල් වවන්න අවසර

නුවන් සමීර​ Friday, 17 December 2021 01:55 PM

මඩ ඉඩම් ගොඩ ඉඩම් බවට පත්කර විකුණා දැමීමට කදිම ක්‍රමය​.

:       0       9

පිටිගල මිලානෝ Friday, 17 December 2021 01:58 PM

අර පුරන් කුඹුරු වගා කරපු සෙට් එක කෝ දැන්....?

:       0       0

siri Friday, 17 December 2021 03:53 PM

බත් නැති වුණුදාට පොල් කමු...

:       1       4

sarth Friday, 17 December 2021 05:35 PM

හොඳ අදහසක්. කොස් සහ පොල් වැවීමට අවසර දිය යුතුයි...

:       1       3

lakvidu Friday, 17 December 2021 06:13 PM

පලමුව පොල්, දෙවනුව ගෙවල්.....! ඊට පස්සෙ ජලය රදන බිම් ටිකට මොකද වෙන්නෙ. ‘ වගා කල නොහැකි’ සහතිකේ දෙන්නෙ කවුද? මේකත් කොම්පෝස්ට් මොල කාරයන්ගෙම කොම්පෝස්ට් වැඩක් වගේ...!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site