IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වවිනියාවේ වැව් 125 ක් වාන් දමයි වැව් තුනක් කැඩිලා

( රොමේෂ් මධුෂංක)

වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂෂා හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා ඇති අතර  වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පෙන්වා දෙයි.

වැව්නිමා පුරවරය නොහොත් වව්නියාවේ කුඩා වැව්, මධ්‍ය පරිමාණයේ වැව් සහ මහවැව් 600 කට ආසන්න ඇති අතර මේ වන විට සියලුම වැව් වානි දැමීම ආරම්භ වී ඇත.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාමයන්කුලම් වැව, අරවිතොට්ටම්හි පිහිටි නාගරයාන්කුලම් වැව සහ ඔ්මන්ත මඩත්තුවිලාන්කුලම් වැව අධික වර්ෂාවන් හේතුවෙන් කැඩී ගොස් ඇති අතර කැඩී ගිය වැව් බැම්ම යුදහමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තාවකාලිකව පිලිසකර කිරීමටද පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් කුඩා වැව් වලට අමතරව මහවැව්ද වාන් මට්ටමට පැමිණ ඇති බැවින් වාන් ජලය නිසාවෙන්  පහත්බිම් වල සිටින ජනතාවට ගංවතුර තත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් අවධානයෙන් සිටින ලෙසටද වව්නියාව ආපදාකලමනාකරන නිලධාරී කාර්යාලය විසින් ජනතාවට දැනුම් දී ඇත.



අදහස් (0)

වවිනියාවේ වැව් 125 ක් වාන් දමයි වැව් තුනක් කැඩිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site