IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විවාදයට සජබ දින දෙයි

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබේ.

ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 27ත් 31ත් අතර දිනකත් පක්ෂ නායකයන් අතර විවාදය ජුනි මස 03 ත් 07 ත් අතර දිනකත් ලබාදීමට කටයුතු කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

 මේ බව ජාතික ජන බලවේගයට ලිඛිතව දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම විවාද කටයුතු සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම විවාදයේ ආවරණ කටයුතු සඳහා සියලු මාධ්‍ය ආයතන වලට ආරාධනා කරන බවත් බණ්ඩාර මහතා තවදුරටත් කීවේය.



අදහස් (18)

විවාදයට සජබ දින දෙයි

එරංග Sunday, 19 May 2024 03:33 PM

ඕක තිබ්බොත් දෙදෙනාම හුදු පුස්සන් පමණක් බව, ඔවුනොවුන්ගේ එහෙයියන්ට හැර අනෙක් අයට දැන ගන්න ලැබෙනවා නියතයි.

:       49       118

සමන් විමල් Monday, 20 May 2024 09:16 AM

ඒක තමයි එරංග දෙගොල්ලම හොර ගල් අහුලන්නේ.

:       6       78

Asela Sunday, 19 May 2024 03:39 PM

අපි ඉල්ලුවේ 20 වෙනිදා හෝ ඊට කලින්...

:       78       37

Tharindu Sunday, 19 May 2024 06:42 PM

අසේල අපි කියන්නේ ඔයා කව්ද?

:       14       77

මාම Sunday, 19 May 2024 03:47 PM

මොනවද මේ, ජාජබ වේගය දවස් කොච්චර දුන්නාද? පස්සේ මේ මස 20 දක්වාත් කල් දුන්නා, කෝ උත්තර? දැන් මේ නලින් බොරුවක් ජනගත කරන්න හදනවා... දැන් මිනිස්සු දන්නවා මොකක්ද ඇත්ත කියලා...

:       79       53

ජයනාත් Sunday, 19 May 2024 04:01 PM

එයාලා කියනවා 20 කලින් කියලා. මෙයාලා කියනවා 20න් පස්සේ දවස්වල කියලා. මේවාට තමයි කියන්නේ නොකෙරෙන දීග කියලා.

:       7       39

ලයන්Sunday, 19 May 2024 04:28 PM

මෙතැන ඇත්ත මෙයයි ජාජනබලවේගය දින 4ක් දුන්නු සජබේ බෑ කිව්වා... ඊට පස්සේ දින 12ක් පමණ පෙර, 360 දෙරණ වැඩ සටහනේ අනුර කිව්ව මැයි 20 පෙර ඕනෑම දිනයක් වෙලාවක් කියන්න. තියෙන හැම වැඩක්ම පස්සට දාලා විවාදෙට එනවා කියලා. උත්තරයක් වත් නෑ... දැන් අර නලින් කේවට්ටයා කියනවා මැයි 27 එන්න කියලා, දැන් මුලු රටම දන්නවා ස ජ බේ කළ බොරුව... මැයි 16 ඩේලි මිරර් පත්තරේ දැම්මා... විවාදෙට රනිල් එන්නේ නැහැ.. සජිත්ගෙන් උත්තරයක් නැහැ. අනුර කුමාර එනවා කියලා පත්තරේට දැන්නුවා කියලා..., නලින් කාවද රවට්ටන්න හදන්නේ..? රටේ මිනිස්සුද? තමුන්ට වැරැදිලා.., මිනිස්සු දන්නවා වාදෙ මග හැරියේ තමුන්ලා කියලා...

:       116       87

විජිත් Sunday, 19 May 2024 04:34 PM

සජිත් මන්තර කාරයෙක් හම්බවෙලා මිනිහගේ පක්ෂියා රජකරන දවසක් අරගෙන විවාදයට... හැබැයි.., ඔය පාක්ෂිකයාට අනුර කුමාරව දැක්ක ගමන් .." අපෝ මට බැහැ නිකම් සවුත්තු වෙන්න, මම යාල කැලේට වෙලා සත්තු බලබලා ඉන්නවා.." කියලා පියාඹලා පැනලා යනවා. ඉතින් සජිත් පුතාණෝටත් වෙන්නේ පැරැදී පලාගොස් යාල කැලේට වෙලා ඉන්න. නිකම් නොවෙයි.. කැලේ තියන නිධන් කඩමින්.. හොර සල්ලි ගහමින්.. කොහොම හරි මිනිහාට දැන් ලොකු මුදලක් අවශ්‍යයි.. ඔයා බස් දුන්නා, ස්මාර්ට් පන්ති කාමර දුන්නා. සහල්... ඇතුළු මහජන අල්ලස් දෙන්න සල්ලි පොම්ප කරපු හොරෙන් ගස් කපන, හොරෙන් වැලි ගොඩදාන, කැසිනෝ කරන, ජාවාරම් කාරයින්ට පොරොන්දු වුණු දේවල් දෙන්නේ කොහොමද ඡන්දෙන් පැරදුණාම..? මමත් හරි ආශාවෙන් ඉන්නේ සජිත් තමන්ගේ" පියාණෝගේ " වැඩ කිඩ කියන්න බලන්න.

:       116       39

Belson Sunday, 19 May 2024 05:58 PM

ගොන් රැල එන්න බය නිසා just b4 deadline, දවස් දෙනවා. මම හිතන්නේ පක්ෂ නායකයා වගේම අනිත් ගෝල බාලයෝත් o\L සමර්ථ නැහැ...!

:       55       29

රනේ Sunday, 19 May 2024 06:11 PM

ඔය කියන දින වනවිට සජබය දෙකට තුනට කැඩිලා තියෙන්නත් පුළුවන්...

:       58       25

මුදිත Sunday, 19 May 2024 06:19 PM

මේ විවාද මාත‍ෘකාව පටන් ගත්තේම සජබය. ආර්ථික කමිටුවේ විවාදයට මාලිමාව බය එක ගැන ඇයි කතා නැත්තේ? සමාජවාදී ප්‍රතිපත්ති කියාගෙන ඇවිල්ලා දැන් ලැජ්ජා නැතුව ලිබරල්වාදෙට මාරුවෙලා. ඒත් ජවිපෙ තාම සමාජවාදේ අත්හැරලා නෑ. මම හිතන්නේ මේ සියළු විවාදවලට අමතරව ටිල්වින් සහ අනුර අතර විවාදයක් තිබ්බා නම් හරි. ඔවුන් දෙන්නාම ඉන්නේ එකම ප්‍රතිපත්තියකද බලන්න. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදාගන්න බැරුව ඉන්නේ මේ ඝට්ඨනය නිසා. හැම එකටම වංචා, දූෂණ, කියලා හරියන්නේ නෑ. ඔය ශ්‍රීලනිප ජවිපෙ පොහොට්ටු නිල් රතු පක්ෂ විසින් මැද මාවත සහ සමාජවාදී ප්‍රතිපත්ති කියමින් මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ කීයක් නැවැත්තුවද කියලා ගණන් හදලා බලන්න. අද රටට හෙණ ගහලා තියෙන්නේ ඒ අවස්ථාවාදී විරෝධතා නිසා. බුලත් කොළේට පොහොට්ටුවට ඡන්දෙ දීපු පිරිස තමයි දැන් මාලිමාව වටේ එකතුවෙලා ඉන්නේ... ඔවුන් එකම කුලකයක්... වරින්වර එකතුවෙනවා වෙන් වෙනවා. ඔවුන් බටහිරට බයයි. දක්ෂිණාංශික ප්‍රතිපත්ති වලට බයයි. හැම වෙලේම වෙන රටක් අපි ගිලගන්න ඒවි කියලා බයෙන් ඉන්න ජනකොට්ඨාශයක්...

:       39       88

Chandana Sunday, 19 May 2024 07:08 PM

දක්ෂ විවේචකයෝ කියන්නෙ දක්ෂ පිතිකරුවෝ නෙවෙයි. අනුර දක්ෂ විවේචනයට සහ කතාවට... සජිත් දක්ෂ වැඩ කරන්නටයි. මේ රටට ඕනෑ දක්ෂ වැඩකරුවෙක් මිස විවේචකයෙක් නෙවෙයි. අනුර හොඳයි විපක්ශ නායක තනතුරට... ගෝඨාභයට ඡන්දෙ දුන්නේත් අද අනුරට හුරේ තියන පිරිසමයි. ගෝඨාභය දිනුවාට පස්සේ තාප්පවල චිත්‍ර ඇන්දේත් ඒ පිරිසමයි. මහින්ද බලයට ගේන්න මුක්කුව ගැහුවේත් jvp එක. ඒ සියල්ලෙන් ඔවුන් තමන්ගේ නොහැකියාව පෙන්නුවා...

:       36       88

AththaMonday, 20 May 2024 04:42 AM

මුලු රටම දන්නවා සජිත් පල් හෑලි දොඩවන මිනිහෙක් කියලා...

:       27       11

ඇත්තMonday, 20 May 2024 05:21 AM

ඔබ කරුනාකර අනුර අවුරුදු 1.5 ක් කෘෂි පසු සම්පත් ඇමැති ලෙස කටයුතු කළ කාලය බලන්න. ඔහු මිල්කෝ ආයතනයේ තිබුන ණය ගිණුම ආදයම වැඩිකොට කපා හැරියා. ඔහුට එම කාලය තුල ලැබුණූ දීමනා යොදාගෙන මිල්කෝ ආයතනයට වැඩට එන සේවකයන්ගේ ගමන් පහසුවට බස් දෙකක් අරන් දුන්නා අදත් ඒ බස් වැඩ. සජිත් අමාත්‍යංශ වල කියන්න දෙයක් නැ. මෑතකදි පත්තරවල තිබුන හදපු නිවාස ගාන වැඩිකරල පෙන්නන්න බොරු මුල් ගල් තිවුව කියල. අද ඔහුට බස් දෙන, සල්ලි දෙන ව්‍යපාරකයන් ඕව දෙන්නෙ නිකන් නෙමෙයි මිනිහ බලයට ආවොත් දෙනවට වඩා දෙගුනයක් අයථා ලෙස උපය ගන්න.කරුනු දන්නෙ නැතිව බොරුවට මිනිසුන්ට මඩ ගහන්න එපෙ

:       55       11

Nandana DhanasriMonday, 20 May 2024 08:09 AM

චන්දන කියනදේ ගෝඨාභය ජනාධිපති කරන්න දැගලූ උන්ට වැරදියි කියන්න පුළුවන් ඒත් චන්දන කියන්නෙ සියයට සියයක් සත්‍යම තත්වය තමයි සමහරක් එවුන් උගතුන් බුද්ධිමතුන් කිව්වට ගිරව් වගේ පැරණි පේපර් කට පාඩම් කරල විභාග සහතිකයෙන් පමණක් උගතුන් බුද්ධිමතුන් වෙලා වැඩක් නැහැ පක්ෂයේ නායකයො හා ප්‍රධාන අනුගාමිකයන් කියනදේ පමණයි සත්‍ය කියා පිලිගන්න එවුන්ට සත්‍ය තේරුම් ගන්න බැහැ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය එහෙම බැරිනම් ඔහු උගතෙක් බුද්ධිමතෙක් වෙන්නෙ නැහැ ඔවුන්ට සත්‍ය අඅසත්‍ය තෙරුම්ගන්න බැහැ එහෙම එවුන් කොතරම් සසත්‍යම දෙයක් කිව්වත් ඊර්ෂ්‍යාව හා ක්‍රෝධයෙන් පිරුණු සිත් ඇත්තෝ කේන්තියෙන්

:       1       34

මල්ලි Monday, 20 May 2024 05:25 AM

විවාදය මඟ හැරීමෙන්ම සජිත් ඔප්පු කරල ඉවරයි ලපය ඉන්නෙ එයාට හුගක් ඉහලින් කියල

:       28       7

nalin Monday, 20 May 2024 10:51 AM

අනුර ලංකාවේ නැති දවස් ටිකක් බලලා සජිය විවාදෙට දින දීල වගේ

:       1       0

Vithana Monday, 20 May 2024 02:21 PM

ඉස්සෙල්ලම ජාජබ නායකයෝ අතරේ විවාදයක් තියන්නකෝ බලන්න. ලාල්කාන්ත කියන දේ නෙවෙයි හරිනි කියන්නේ. ඒ දෙන්නටම වඩා වෙනස් දේවල් අනුර කියන්නේ. ටිල්වින් කියන දේවල් පූටින්ටවත් තේරෙන එකක් නෑ. අනුර දෙරණේ 360 ට ඇවිල්ලා වැටිච්ච අමාරුව දැක්කා සජබෙට උත්තර දෙන්න ගිහින් නෙවෙයි තමන්ගෙම පක්ෂේ අයගේ කතා වලට උත්තර දෙන්න ගිහින්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site