IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විවේචන පහසුයි - විසඳුම් අසීරුයි

(අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා විවේචන පහසු වුවත් විසඳුම් අසීරු බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි. 

කිසිඳු දේශපාලන පක්ෂයකට රට ඉදිරියට ගෙන යාමේ සැලැස්මක් නොමැති බව කී ජනාධිපතිවරයා එවන් සැලැස්මක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොමැති නම්  රටේ අනාගතය වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතියට සහාය ලබා දෙන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (10)

විවේචන පහසුයි - විසඳුම් අසීරුයි

Raj Monday, 03 June 2024 08:57 AM

එයින් අදහස් වන්නේ ඔබේ මාර්ග/සැලසුම් විසඳුම වන අතර සියලු දෙනා ඔබට සහාය විය යුතුය. ඔබ වැරදි නම් කුමක්ද? මිනිසුන් මිලියන 22 න්, සියලු ප්‍රශ්න වලට එකම විසඳුම ඔබ වන්නේ කෙසේද? ඔබ ගැටලුවේ කොටසක් නොවේද? (මගේ මාර්ගය අධිවේගී ' ). ඔබ කිව්වා අනෙක් දේශපාලනඥයන්ට සැලැස්මක් නැහැ කියලා. ඔයා දන්නේ කොහොම ද? ඔබ පසුගිය කාලයේ වෙනත් දේශපාලකයන්ට ඇහුම්කන් දුන්නේ කවදාද? අනිත් අය කියන දේ අහන්නේ නැතුව කොහොමද අනිත් අයට ප්ලෑන් එකක් නෑ කියන්නේ.....

:       19       23

පිටරටවැසියා Monday, 03 June 2024 09:57 AM

නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට නොහැකිනම්, තක්කඩි දේශපාලකයින්ගේ හොරකමට, වංචාවට, දුෂණයට, තිත තියන්නේ කවදාද? තක්කඩි දේශපාලකයින්, රාජ්‍ය නිලධාරීන්ට, පොලිසියට දාන තගරි ගොං පාට් නතර කරන්නේ කවදාද?? මෙච්චරකල් වෙච්ච හොරකම්, වංචා, දුෂණ තක්කඩි දේශපාලකයින්ගෙන් නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට අයකරගන්නේ කවදාද???

:       8       21

Akila Monday, 03 June 2024 10:13 AM

2027 දී රනිලුයි ,මහින්දයි තරඟෙට ගත්ත ණය පොලි අපහු ගෙවන්න පටන් ගන්න උනහම තමයි ආපහු ඩොලර් හිඟයක් එන්නේ

:       12       22

wedage Monday, 03 June 2024 10:36 AM

හොරකම් ලේසියි, නීතිය නිහඬයි, විවේචන ගණන් නොගෙන ඉන්න එක පහසුයි.

:       6       7

Rata Perata Monday, 03 June 2024 11:27 AM

පිනට ඇවිල්ලා ඔච්චර මැරෙන්න ඕන නෑ.. අදින්නේ නැතුව ඕක කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න හැමදාම ඇන්දෙනවා

:       8       10

Prabha Monday, 03 June 2024 11:51 AM

අඩන්නේ නැතුව ඡන්දයක් තියලා බලන්න. රටේ මිනිස්සු තීරණය කරයි කවුද තෝරගන්නේ කියලා

:       7       12

sene Monday, 03 June 2024 12:12 PM

ඇයි ඉතින් එල්ලිලා ඉන්නේ ජනතාවට තමන්ට කැමති ආණ්ඩුවක් තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන්න ඉඩ දෙන්න. හරි හෝ වැරදුණත් විදවන්නේ ජනතාව මොක වුණත්ඔබලාට විදවන්නේ නැත.

:       7       10

kamal Monday, 03 June 2024 02:52 PM

ඕක හරියට "ණය ගන්නවා වගේ නෙවෙයි ගෙවන්න ගියාම" කියනවා වගේ...

:       2       9

Saman Monday, 03 June 2024 10:10 PM

ඉතින් දාලා පලයන්කො,තමුසේ ජනාධිපතිකම භාරගත්තේ ජනතාවගේ කැමැත්තෙන් නොවෙයිනේ.මේ රට හරි විදියට කරන්න පුළුවන් දක්ෂ අය මේ රටේ ඉන්නවා.තමුසේ දාලා යනවා මේක කූඩැල්ලෙක් වගේ එල්ලීගෙන ඉන්නේ නැතුව.ලැජ්ජ නැති නාකි මහල්ලා.

:       1       1

Bamunuarachchi Tuesday, 04 June 2024 12:15 AM

අනේ ජනාධිපතිතුමෝ ඔහොම ගහන්න එපා අනුර කොල්ලට. ඔබ ඉගෙන්ගත්තේ රාජකීය විද්‍යාලයේ අනුර කොල්ල තඹුත්තේගම විද්‍යාලයේ. අද්‍යාපනයේ ලොකු වෙනසක් තිබෙනවා. අනුරයාඉගෙනගත්තේ තිබෙන එකාට ඊර්ෂා කොරන්න උන්ගෙන් උදුරා ගන්න, බැරිනම් ගිනිතියන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 507 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1056 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site